{"Duration":120,"TotalQuestions":50,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පරිගණකයක සකසනය වඩාත්ම වේගයෙන් මෙහෙයවනු ලබන්නේ එයට අවශ්‍ය දත්ත පහත කවරක ඇති විට ද?","QuestionShortText":"පරිගණකයක සකසනය වඩාත්ම වේගයෙන් මෙහෙයවනු ලබන්නේ එයට අවශ්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිහිත මතකයෙහි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෘඪ තැටියෙහි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චුම්බක පටියෙහි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රධාන මතකයෙහි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"ප්‍රකාශ තැටියෙහි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":2,"QuestionFullText":"පරිගණකයට ලබා දී ඇති විදුලි බලය විසන්ධි කළ විට පහත කුමන දෘඪාංග සංරචකවල ඇති දත්ත අහිමි වේ ද?
A - රෙජිස්තර
B - නිහිත මතක
C - ප්‍රධාන මතකය","QuestionShortText":"පරිගණකයට ලබා දී ඇති විදුලි බලය විසන්ධි කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හි පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ B හි පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සහ C හි පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හි C හි පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"A, B සහ C සියල්ලෙහි ම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":5}]},{"QuestionId":3,"QuestionFullText":"අතීතයේ භාවිත වූ විශාල ප්‍රමාණයේ (main frame) පරිගණකවල සිට වර්තමානයේ භාවිත වන ඉහළ පරිගණන හැකියාව ඇති ප්‍රමාණයෙන් කුඩා සුහුරු (smart) උපක්‍රම දක්වා පරිගණකය පරිණාමනය වී ඇත. පහත කුමන නිපැයුමක් (invention) පරිගණකවල භෞතික ප්‍රමාණය අඩු කිරීමට දායක වූයේ ද?","QuestionShortText":"අතීතයේ භාවිත වූ විශාල ප්‍රමාණයේ (main frame) පරිගණකවල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බසය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනුකලිත පරිපථ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෙජිස්තර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඝන තත්ව මතක (solid state memory)","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"රික්ත නළ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"පරිගණක පද්ධතියක ඇතැම් දෘඪාංග සංරචකවල සම්බන්ධතා පෙන්වන පහත රෑපසටහන සලකන්න.

පහත රූපසටහනෙහි මධ්‍යම සැකසුම් ඒකකය (CPU) තුළ (A) මගින් දක්වා ඇති දෘඪාංග කොටසෙහි දැනට ධාවනය වෙමින් පවතින ක්‍රියායනයෙහි මතක සංක්‍රාන්ති අනුරූපණ සහිත රෙජිස්තර එකතුවක් ඇත. දැනට පවතින ක්‍රියායනයේ අතථ්‍ය යොමුවක් (virtual address) ආදානය කළ විට එමගින් අදාළ භෞතික යොමුව (physical address) (එවැන්නක් පවතී නම්) ප්‍රතිදානය කරයි.

පහත සටහනේ (A) මගින්","QuestionShortText":"පරිගණක පද්ධතියක ඇතැම් දෘඪාංග සංරචකවල සම්බන්ධතා පෙන්වන පහත","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52762265592_0509d90f48_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"අංකගණිත හා තාර්කික ඒකකය (ALU) දැක්වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාලන ඒකකය (control unit) දැක්වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පළමු මට්ටමේ (Li) නිහිත මතකය දැක්වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මතක කළමනාකරණ ඒකකය දැක්වේ.","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"පිටු වගුව දැක්වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"P = 10110001 සහ Q = 01001110 වන ද්විමය සංඛ්‍යා දෙක සලකන්න. X = P OR Q සහ Y = P AND Q නම් X සහ Y හි අගයයන් වන්නේ පිළිවෙළින් පහත කවරක් ද?","QuestionShortText":"P = 10110001 සහ Q = 01001110 වන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"01001110, 10110001","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"10110001, 00000000","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"10110001, 11111111","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"11111111, 00000000","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"11111111, 10110001","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"දශමය -12 හි 2 හි අනුපූරකය කුමක් ද?","QuestionShortText":"දශමය -12 හි 2 හි අනුපූරකය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"00001100","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"00110011","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"11110011","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"11110100","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"11111011","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":7,"QuestionFullText":"2 හි අනුපූරකය සම්බන්ධයෙන් පහත කවරක් සත්‍ය වේ ද?","QuestionShortText":"2 හි අනුපූරකය සම්බන්ධයෙන් පහත කවරක් සත්‍ය වේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලකුණ (sign) නිරූපණය කිරීමට අමතර බිටුවක් භාවිත කෙරේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අංක ගණිත මෙහෙයුම් ඉටු කිරීම සඳහා වඩා වේගවත් මිල අඩු දෘඪාංග නිපදවීමට ඉවහල් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එකතු කිරීම සහ අඩු කිරීම එකිනෙකට වෙනස් මෙහෙයුම් දෙකක් ලෙස සිදු කෙරේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාමාන්‍යයෙන් ෂඩ් දශම සංඛ්‍යා පද්ධතිය මගින් නිරූපණය කෙරේ.","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"තාර්කික මෙහෙයුම් සිදු කිරීම සඳහා පළමු පරම්පරාවෙහි පරිගණකවල භාවිතා විය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"පහත වගුව 1 හා වගුව 2 හි ඇති අක්ෂර දැක්වීම් සලකන්න. 1 වගුවේ හා 2 වගුවේ හි අක්ෂර කරනු ලැබ ඇත්තේ පිළිතුරු වල දක්වා ඇති කුමන අක්ෂර කේතන පද්ධතිවලින් ද (character encoding systems) ?","QuestionShortText":"පහත වගුව 1 හා වගුව 2 හි ඇති","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52765231253_a4a8cca1b3_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"වගු 1 හා 2 යන දෙකම ASCII කේතයෙනි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වගු 1 හා 2 යන දෙකම UNICODE කේතයෙනි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වගුව 1 : ASCII කේතයෙනි, වගුව 2 : UNICODE කේතයෙනි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වගුව 1 : EBCDIC කේතයෙනි, වගුව 2 : ASCII කේතයෙනි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"වගුව 1 : UNICODE කේතයෙනි, වගුව 2 : ASCII කේතයෙනි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"","QuestionShortText":"","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52765056414_110d7d252d_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52765091154_cfbe58918c_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52765092299_3eefc852cf_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52765247740_fb5b89b4fe_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52764300657_f5d2ddc33d_o.png"},{"AnswerId":5,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52765096179_473cb6c463_o.png"}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"එක් කොටසක් A ලෙස ද අනෙක් කොටස B ලෙස ද නම් කර ඇති අනුක්‍රමික තාර්කික පරිපථයක කොටු සටහනක් (block diagram) පහත දැක්වේ. එම සටහන පිළිඹඳව පහත කවර ප්‍රකාශ/ය සත්‍ය වේ ද?

I - A කොටස සංයෝජන (combinational) තාර්කික පරිපථයකි.

II - B කොටස මතක මූලාංගයකි (memory element).

III - A කොටස පමණක් තාර්කික ද්වාර භාවිතයෙන් ක්‍රියාවට නැංවිය හැක.","QuestionShortText":"එක් කොටසක් A ලෙස ද අනෙක් කොටස B","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52764363627_e1328ae16c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"I පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"II පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"I සහ II පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"I සහ III පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"I,II සහ III සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"NAND ද්වාර වලින් සමන්විත පහත දැක්වෙන තාර්කික පරිපථය සලකන්න.","QuestionShortText":"NAND ද්වාර වලින් සමන්විත පහත දැක්වෙන තාර්කික පරිපථය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52766631883_a9a2cc6235_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52766647228_6298c2cb44_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52766648993_0f190de8ff_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52766162416_d5ebf125f6_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52766163831_2034aa83d3_o.png"},{"AnswerId":5,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52765625952_ba017617a0_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"මෙහෙයුම් පද්ධතිය (operating system) යනු විශේෂ වූ වගකීම් සහිතව පරිගණකයක ධාවනය වන තවත් ක්‍රමලේඛයකි. මතක කළමනාකරණය, ගොනු කළමනාකරණය සහ අදාන/ප්‍රතිදාන කළමනාකරණය එම වගකීම් වලින් සමහරකි. මෙහෙයුම් පද්ධතියේ තවත් වැදගත් වගකීමක් වන්නේ කුමක් ද?","QuestionShortText":"මෙහෙයුම් පද්ධතිය (operating system) යනු විශේෂ වූ වගකීම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උපස්ථ (backup) කළමනාකරණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිහිත මතක (cache memory) කළමනාකරණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්පාදක (compiler) කළමනාකරණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ක්‍රියායන (process) කළමනාකරණය","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"පද්ධති ස්පන්දකය (system clock) කළමනාකරණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"පරිශීලකයකු විසින් තනි සකසනයක් සහිත පරිගණකයක ආරම්භ කර ඇති ක්‍රියායන (processes) සංඛ්‍යාව වැඩි වන විට, ඒ එක් එක් ක්‍රියායනය එම පරිශීලක වෙත ප්‍රතිචාර දැක්වීමේ කාලයට (response time) සහ මෙහෙයුම් පද්ධතියේ මතක කළමනාකරණ ආශ්‍රිත කාර්ය වලට පිළිවෙළින් කුමක් සිදු වේ ද ?","QuestionShortText":"පරිශීලකයකු විසින් තනි සකසනයක් සහිත පරිගණකයක ආරම්භ කර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රතිචාර දැක්වීමේ කාලය සහ මතක කළමනාකරණය ආශ්‍රිත කාර්යයන් යන දෙකම වැඩිවේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රතිචාර දැක්වීමේ කාලය අඩු වන අතර මතක කළමනාකරණය ආශ්‍රිත කාර්යයන් වැඩිවේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රතිචාර දැක්වීමේ කාලය වැඩි වන අතර මතක කළමනාකරණය ආශ්‍රිත කාර්යයන් අඩුවේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රතිචාර දැක්වීමේ කාලය හා මතක කළමනාකරණය ආශ්‍රිත කාර්යයන් යන දෙක අඩුවේ.","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"ඒ දෙකෙහිම වෙනසක් සිදු නොවේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"පහත කවරක් මෙහෙයුම් පද්ධතියේ වගකීමක් නොවන්නේ ද?","QuestionShortText":"පහත කවරක් මෙහෙයුම් පද්ධතියේ වගකීමක් නොවන්නේ ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ක්‍රියායන සඳහා භෞතික මතකයේ ඉඩ ලබාදීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කුමන ක්‍රියායනය ධාවනය කළ යුතු දැයි තීරණය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෘඪ තැටියක ඇති සම්පාදනය වූ (compiled) ක්‍රමලේඛ ගොනුවල භාවිතය ගැන සටහන් තබා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භෞතික මතකයේ කුමන කොටස් භාවිත වෙමින් පවතී ද, කුමන කොටස් නිදහස්ව පවතීද යන්න සම්බන්ධව සටහන් තබා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"භෞතික මතකය හා දෘඪ තැටිය අතර ක්‍රියායන හුවමාරු කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"පරිගණකයක, පරිශීලක ක්‍රමලේඛයක ප්‍රමාණය (size) භෞතික මතකයෙහි ප්‍රමාණය ඉක්මවා යා හැක. තවද, ක්‍රමලේඛ වල අවශ්‍ය කොටස් පමණක් භෞතික මතකයෙහි රඳවා ගැනීම සිදු වේ. ඉහත දෑ පහත කවරක ප්‍රතිඵල ද?","QuestionShortText":"පරිගණකයක, පරිශීලක ක්‍රමලේඛයක ප්‍රමාණය (size) භෞතික මතකයෙහි ප්‍රමාණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිහිත මතකය (cache memory) භාවිතය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යාබද ගොනු විභජනය (contiguous file allocation) භාවිතය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගොනු විභජන වගුව (FAT) භාවිතය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මතක කළමනාකරණ ඒකකය (MMU) භාවිතය","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"පිටු (pages), රාමු (frames) හා පිටු වගු (page tables) භාවිතය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":5}]},{"QuestionId":16,"QuestionFullText":"සම්පාදක (compiler) සහ පරිවර්තක (interpreter) පිළිබඳව පහත කවර ප්‍රකාශ සත්‍ය වේ ද?

A - සම්පාදකයක්, ඉහළ මට්ටමේ (high level) භාෂාවකින් ලියැවුනු මුළු ක්‍රමලේඛයම යන්ත්‍ර කේතයට හරවයි.

B - පරිවර්තකයක්, ක්‍රමලේඛයක් ක්‍රියාත්මක කිරීමේ දී (execute/run) ඉහළ මට්ටමේ ක්‍රමලේඛයෙහි එක් එක් වගන්තිය (statement) බැගින් ගෙන, එය අදාළ යන්ත්‍ර කේතයට හරවයි.

C - සාමාන්‍යයෙන් සම්පාදනය වූ කේත, පරිවර්තනය වූ කේත වලට වඩා වැඩි වේගයකින් ධාවනය වේ.","QuestionShortText":"සම්පාදක (compiler) සහ පරිවර්තක (interpreter) පිළිබඳව පහත කවර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":5}]},{"QuestionId":17,"QuestionFullText":"නියමු (guided) මාධ්‍ය සහ නියමු නොවන (unguided) මාධ්‍ය සම්බන්ධයෙන් පහත කවර වගන්ති සත්‍ය වේ ද?

A - නියමු මාධ්‍ය වල සම්ප්‍රේෂණය, නියමු නොවන මාධ්‍ය වල සම්ප්‍රේෂණයට වඩා ඉහළ දත්ත වේග (data speeds) ලබා ගැනීමට ඉවහල් වේ.

B - නියමු මාධ්‍ය, නියමු නොවන මාධ්‍ය වලට වඩා අඩු නිරෝධනයට (interference) බඳුන් වේ.

C - නියමු නොවන මාධ්‍ය වල සම්ප්‍රේෂණය, නියමු මාධ්‍ය වල සම්ප්‍රේෂණයට වඩා ආරක්ෂාකාරී වේ.

D - නියමු නොවන මාධ්‍ය වල සම්ප්‍රේෂණය, නියමු මාධ්‍ය වල සම්ප්‍රේෂණයට වඩා අඩු කලාප පළලක් (bandwidth) භාවිත කරයි.","QuestionShortText":"නියමු (guided) මාධ්‍ය සහ නියමු නොවන (unguided) මාධ්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, B සහ D පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, C සහ D පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, C සහ D පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"A, B, C සහ D සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"දත්ත සම්ප්‍රේෂණයෙහි ඇති මූර්ජන තාක්ෂණයේ දී (modulation technique) සිදු කෙරෙන ක්‍රියාවලිය කුමක් ද?","QuestionShortText":"දත්ත සම්ප්‍රේෂණයෙහි ඇති මූර්ජන තාක්ෂණයේ දී (modulation technique)","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්ප්‍රේෂණය කරන ලද සංඥාවෙහි තොරතුරු කේතනය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්ප්‍රේෂණය කරන ලද තොරතුරු වල සංඥා කේතනය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්ප්‍රේෂණය කරන ලද සංඥාවෙන් තොරතුරු ලබා ගැනීම (extraction)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්ප්‍රේෂණය කරන ලද තොරතුරු වලින් සංඥාව ලබා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"අවම විකෘතියක් (distortion) සහිතව තොරතුරු හුවමාරු කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"බස් ස්ඵලකය (bus topology) පිළිබඳ පහත කවර වගන්ති සාවද්‍ය වේ ද?

A - පරිගණක සහ ජාල උපක්‍රම තනි රැහැනකට (cable) සම්බන්ධ කර ඇත.

B - සියලුම ගමනාගමන (traffic) දක්ෂිණාවර්තව හෝ වාමාවර්තව හෝ සිදු වේ.

C - කලාප පළල නෝඩු (nodes) අතර හවුලේ බෙදා ගැනේ.

D - සෑම නෝඩුවක්ම තමන්ගේ අසල්වැසියන් දෙදෙනාට සම්බන්ධ කර ඇත.","QuestionShortText":"බස් ස්ඵලකය (bus topology) පිළිබඳ පහත කවර වගන්ති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ D පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B සහ D පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"C සහ D පමණි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"හිස්තැනක් සහිත පහත ප්‍රකාශය සලකන්න.

මාධ්‍ය ප්‍රවේශ පාලන (Media Access Control - MAC) යොමු සමාන්‍යයෙන් ................ අංක වලින් ඉදිරිපත් කෙරේ.
හිස්තැන පිරවීමට සුදුසු වන්නේ පහත කවරක් ද?","QuestionShortText":"හිස්තැනක් සහිත පහත ප්‍රකාශය සලකන්න. මාධ්‍ය ප්‍රවේශ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ද්විමය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දශම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ෂඩ් දශම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වභාවික","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"අෂ්ටක","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"ඔබ විසින් C පන්තියෙහි අන්තර්ජාල නියමාවලියක් (IP) සහිත උපජාල 16 ක් නිර්මාණය කළ යුතුව ඇත. මෙම උපජාල නිර්මාණය කිරීම සඳහා පහත දැක්වෙන කුමන උපජාල ආවරණය (subnet mask) සුදුසු වන්නේ ද?","QuestionShortText":"ඔබ විසින් C පන්තියෙහි අන්තර්ජාල නියමාවලියක් (IP) සහිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"255.255.255.240","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"255.255.255.248","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"255.255.255.250","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"255.255.255.252","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"255.255.255.224","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"පද්ධතියක හරි වැරදි බැලීම (පරීක්ෂා කිරීම) (testing) සම්බන්ධයෙන් පහත කවර වගන්ති/ය නිවැරදි වේ ද?

A - කාල මංජුසා පරීක්ෂාවට (black box testing) කේතයෙහි සෑම පේළියක්ම විස්තරාත්මකව පරීක්ෂා කිරීම අඩංගු වේ.

B - ඒකක පරීක්ෂාව (unit testing) කේත වල දෝෂ අනාවරණය කිරීමට උපකාරී වේ.

C - ඒකක පරීක්ෂාවට පෙර පද්ධති පරීක්ෂාව සිදු නොකළ යුතු ය.","QuestionShortText":"පද්ධතියක හරි වැරදි බැලීම (පරීක්ෂා කිරීම) (testing) සම්බන්ධයෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":5}]},{"QuestionId":23,"QuestionFullText":"පහත කවරක් කාර්යබද්ධ අවශ්‍යතා (functional requirements) දක්වයි ද?

A - පරිශීලකයන්ට තමන්ගේ ලිපින හා දුරකතන අංක යාවත්කාලීන කිරීමට අවස්ථාව ලබා දිය යුතු ය.

B - ඕනෑම පරිශීලක ඉල්ලීමකටම 2 ms ක කාලයක් තුළ ප්‍රතිචාර දැක්විය යුතු ය.

C - පද්ධතිය පහසුවෙන් වෙනස් කිරීමට හැකි විය යුතු ය.","QuestionShortText":"පහත කවරක් කාර්යබද්ධ අවශ්‍යතා (functional requirements) දක්වයි ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"මෘදුකාංග ව්‍යාපෘතියකට අදාළව පහත විස්තර ලබා දී ඇත.

A - අවශ්‍යතාවයන් ස්ථිර වේ (මුළු ව්‍යාපෘතිය පුරාවට වෙනස්කම් සඳහා ඉඩ නොලැබේ).

B - සම්පූර්ණ මෘදුකාංග නිපැයුම් එකවරම ලබා දිය යුතු ය.

C - එක් එක් ක්‍රියාකාරකම (activity) සඳහා සියලු විස්තර සහ පිරිවිතර ව්‍යාපෘතිය අතරතුර සූදානම් කළ යුතු ය.

මේ ව්‍යාපෘතිය සඳහා වඩාත් ම සුදුසු මෘදුකාංගය ක්‍රියායන ආකෘතිය (software process model) කුමක් ද?","QuestionShortText":"මෘදුකාංග ව්‍යාපෘතියකට අදාළව පහත විස්තර ලබා දී ඇත.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුචල්‍ය (agile)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මූලාකෘතිකරණය (prototype)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය (Rapid Application Development)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සර්පිලාකාර (spiral)","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"දියඇලි (waterfall)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":5}]},{"QuestionId":25,"QuestionFullText":"දත්ත ගැලීම් සටහන් (Data Flow Diagram-DFD) පිළිබඳ පහත කවර වගන්තිය සාවද්‍ය වේ ද?","QuestionShortText":"දත්ත ගැලීම් සටහන් (Data Flow Diagram-DFD) පිළිබඳ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සන්දර්භ (context) සටහන යනු ඉහළම මට්ටමේ වියුක්තකරණය (abstraction) ඇති දත්ත ගැලීම් සටහනකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පද්ධතියෙහි ඇති සියලුම දත්ත ගබඩා (data stores) සන්දර්භ සටහනෙහි නිරූපණය කළ යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"DFD හි අනෙකුත් සංරචක සම්බන්ධ කිරීම සඳහා දත්ත ගැලීම් භාවිතා කෙරේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මූලික ක්‍රියායන (elementary processes) තවදුරටත් විඛණ්ඩනය (decompose) නොකෙරේ.","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"DFD හි බාහිර භූතාර්ථ (external entities), දත්ත ප්‍රභව (sources) හෝ දත්ත ලබාගන්නා (recepients) අංග ලෙස හෝ ක්‍රියා කෙරේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"'ALdb' ලෙස හැඳින්වෙන දත්ත සමුදාය (database) මකාදැමීම (delete) සඳහා නිවැරදි SQL ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"'ALdb' ලෙස හැඳින්වෙන දත්ත සමුදාය (database) මකාදැමීම (delete)","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"delete ALdb;","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"delete database ALdb;","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"drop ALdb;","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"drop database ALdb;","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"remove database ALdb;","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"දෙවන ප්‍රමතකරණයෙහි (2NF) ඇති සම්බන්ධතාවයක් පිළිබඳව පහත කවර වගන්ති/ය සත්‍ය වේ ද?

A - එයට සංයුක්ත යතුරක් තිබිය හැක.

B - එය පළමු ප්‍රමතකරණයෙහි (INF) ද පැවතිය යුතු ය.

C - යතුරු නොවන (non-key) සියලු උපලැකි (attributes) ප්‍රාථමික යතුර මත මුළුනනින්ම කාර්යබද්ධව පරායත්ත වේ.","QuestionShortText":"දෙවන ප්‍රමතකරණයෙහි (2NF) ඇති සම්බන්ධතාවයක් පිළිබඳව පහත කවර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සහ B පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":5}]},{"QuestionId":28,"QuestionFullText":"තාර්කික දත්ත සමුදාය ක්‍රමානුරූප (logical database schema) පිළිබඳව පහත කවර වගන්ති සත්‍ය වේ ද?

A - එය දත්ත සමුදායක් සඳහා වන සැලසුමක පිටපතකි. (blueprint).

B - එහි දත්ත සහ තොරතුරු අන්තර්ගත වේ.

C - එය දත්ත කෙරෙහි යෙදෙන්නා වූ සියලු සංරෝධක (constraints) විධිමත්ව දක්වයි.","QuestionShortText":"තාර්කික දත්ත සමුදාය ක්‍රමානුරූප (logical database schema) පිළිබඳව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"පහත දැක්වෙන SQL ප්‍රකාශය සලකන්න

Alter table subject add primary key (Subject_Id);

මේ SQL ප්‍රකාශය සම්බන්ධව පහත සඳහන් කුමක් සාවද්‍ය වේ ද?","QuestionShortText":"පහත දැක්වෙන SQL ප්‍රකාශය සලකන්න Alter table","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එය subject නම් වන වගුවට ප්‍රාථමික යතුරු සංරෝධකයක් එකතු කරයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"subject නමින් වන වගුව මේ වන විට පැවතිය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Subject_Id නම් ක්ෂේත්‍රය අභිශුන්‍ය (null) නොවිය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එය Subject_Id නම් වූ ප්‍රාථමික යතුරක් සහිත subject නම් වූ වගුවක් නිර්මාණය කරයි.","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"subject වගුවෙහි Subject_Id නම් ක්ෂේත්‍රයෙහි ඇති අගයන් පුණර්කරණය (repeat) විය නොහැක.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"පහත ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමට 'කර්තෘවරුන්' සහ 'ග්‍රන්ථ' පිළිබඳ පහත සංසිද්ධිය සලකන්න.

\"කර්තෘවරයකුට (author) ග්‍රන්ථ (book) ලිවිය (writes) හැකිය. ග්‍රන්ථයක් සඳහා නමක් (title) සහ (ISBN) අනමින් අනන්‍ය වූ කේතයක් තිබේ. ග්‍රන්ථයක් එක් කතෘවරයකු හෝ කර්තෘවරු කිහිප දෙනෙකු විසින් හෝ ලිවිය හැකිය. කර්තෘවරයකුට නමක් (name) සහ අනන්‍ය වූ අංකයක් (ID) තිබේ. කර්තෘවරයකුට කිසියම් ග්‍රන්ථයක් සඳහා ප්‍රධාන කර්තෘ හෝ සමකර්තෘ ලෙස හෝ ප්‍රවර්ගයක් (type) තිබිය හැකිය.\"

ඉහත සම්බන්ධතා සඳහා වන වඩාත්ම සුදුසු භූතාර්ථ සම්බන්ධතා (ER) නිරූපණය පහත ඒවායින් කවරක්ද?","QuestionShortText":"පහත ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමට 'කර්තෘවරුන්' සහ 'ග්‍රන්ථ'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52769024689_cfc915c7f2_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52769259753_b066768b8a_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52769186070_4dd38e33aa_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52769029299_36b2d08288_o.png"},{"AnswerId":5,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52769263893_045a014fac_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමට 'කර්තෘවරුන්' සහ 'ග්‍රන්ථ' පිළිබඳ පහත සංසිද්ධිය සලකන්න.

\"කර්තෘවරයකුට (author) ග්‍රන්ථ (book) ලිවිය (writes) හැකිය. ග්‍රන්ථයක් සඳහා නමක් (title) සහ (ISBN) අනමින් අනන්‍ය වූ කේතයක් තිබේ. ග්‍රන්ථයක් එක් කතෘවරයකු හෝ කර්තෘවරු කිහිප දෙනෙකු විසින් හෝ ලිවිය හැකිය. කර්තෘවරයකුට නමක් (name) සහ අනන්‍ය වූ අංකයක් (ID) තිබේ. කර්තෘවරයකුට කිසියම් ග්‍රන්ථයක් සඳහා ප්‍රධාන කර්තෘ හෝ සමකර්තෘ ලෙස හෝ ප්‍රවර්ගයක් (type) තිබිය හැකිය.\"

පහත දැක්වෙන භූතාර්ථ සම්බන්ධතා (entity relationships), සම්බන්ධතා ක්‍රමානුරූපයකට (relational schema) අනුරූපණය කිරීමේ දී (mapping), ආරම්භක (initial) වශයෙන් වගු කොපමණ සංඛ්‍යාවක් ව්‍යුත්පන්න කළ හැකිද?","QuestionShortText":"මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමට 'කර්තෘවරුන්' සහ 'ග්‍රන්ථ'","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52768784061_0ef22013e0_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"1","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"2","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"3","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"4","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"5","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දැක්වෙන ගැලීම් සටහන මගින් ප්‍රකාශ කෙරෙන ඇල්ගොරිතමය ප්‍රශ්නය සඳහා පාදක වේ.

ඇල්ගොරිතමය මගින් L නම් අයිතම (item) ලැයිස්තුවක් (list) සහ K නම් අයිතමයක් ආදානය ලෙස ලබාගෙන, L ලැයිස්තුවෙහි ඇති K ට සමාන අයිතම ගණන ප්‍රතිදානය කිරීම අපේක්ෂා කෙරේ. ලැයිස්තුවෙහි සූචිය (index) 0න් ආරම්භ වේ. ගැලීම් සටහනෙහි (P) සහ (Q) ලෙස ඇති ලේබල හිස්ව ඇති බව එනම් කිසිවක් නිශ්චිතව දක්වා නොමැති බව සැලකිය යුතුය.

ඇල්ගොරිතමය නිවැරදිව ක්‍රියාත්මක වීම සඳහා (P) නම් හිස්තැනට කුමක් ඇතුළත් කළ යුතුද?","QuestionShortText":"පහත දැක්වෙන ගැලීම් සටහන මගින් ප්‍රකාශ කෙරෙන ඇල්ගොරිතමය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52769297590_f4e449e12c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"n = n - 1","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"n = n + 1","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"count = count + 1","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"count = count + i","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"count = count + n","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"පහත දැක්වෙන ගැලීම් සටහන මගින් ප්‍රකාශ කෙරෙන ඇල්ගොරිතමය ප්‍රශ්නය සඳහා පාදක වේ.

ඇල්ගොරිතමය මගින් L නම් අයිතම (item) ලැයිස්තුවක් (list) සහ K නම් අයිතමයක් ආදානය ලෙස ලබාගෙන, L ලැයිස්තුවෙහි ඇති K ට සමාන අයිතම ගණන ප්‍රතිදානය කිරීම අපේක්ෂා කෙරේ. ලැයිස්තුවෙහි සූචිය (index) 0න් ආරම්භ වේ. ගැලීම් සටහනෙහි (P) සහ (Q) ලෙස ඇති ලේබල හිස්ව ඇති බව එනම් කිසිවක් නිශ්චිතව දක්වා නොමැති බව සැලකිය යුතුය.

ඇල්ගොරිතමය නිවැරදිව ක්‍රියාත්මක වීම සඳහා (Q) නම් හිස්තැනට කුමක් ඇතුළත් කළ යුතුද?","QuestionShortText":"පහත දැක්වෙන ගැලීම් සටහන මගින් ප්‍රකාශ කෙරෙන ඇල්ගොරිතමය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52769297590_f4e449e12c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"i < n ද?","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"i = n ද?","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"count < n ද?","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"count < K ද?","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"n > 0 ද?","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":34,"QuestionFullText":"පහත දැක්වෙන ගැලීම් සටහන මගින් ප්‍රකාශ කෙරෙන ඇල්ගොරිතමය ප්‍රශ්නය සඳහා පාදක වේ.

ඇල්ගොරිතමය මගින් L නම් අයිතම (item) ලැයිස්තුවක් (list) සහ K නම් අයිතමයක් ආදානය ලෙස ලබාගෙන, L ලැයිස්තුවෙහි ඇති K ට සමාන අයිතම ගණන ප්‍රතිදානය කිරීම අපේක්ෂා කෙරේ. ලැයිස්තුවෙහි සූචිය (index) 0න් ආරම්භ වේ. ගැලීම් සටහනෙහි (P) සහ (Q) ලෙස ඇති ලේබල හිස්ව ඇති බව එනම් කිසිවක් නිශ්චිතව දක්වා නොමැති බව සැලකිය යුතුය.

පහත I, II සහ III මගින් දැක්වෙන පයිතන් ක්‍රමලේඛ සලකන්න. එම ක්‍රමලේඛය/ක්‍රමලේඛ මගින් පිළිතුරු ලෙස දී ඇති ඇල්ගොරිතමය ක්‍රියාත්මක වන්නේද?","QuestionShortText":"පහත දැක්වෙන ගැලීම් සටහන මගින් ප්‍රකාශ කෙරෙන ඇල්ගොරිතමය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52769406288_eee40e426a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"I මගින් පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"II මගින් පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"I සහ II මගින් පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"I සහ III මගින් පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"I, II සහ III සියල්ලම මගින්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"පහත දැක්වෙන පයිතන් කේතයෙහි ආදානය 17 වූ විට ප්‍රතිදානය කුමක්ද?","QuestionShortText":"පහත දැක්වෙන පයිතන් කේතයෙහි ආදානය 17 වූ විට","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52771137439_be858d58ed_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"24.0","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"25.5","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"512.0","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"614.125","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"දෝෂ පණිවුඩයක්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"යම් පයිතන් ක්‍රමලේඛයක S යනු තන්තුවක් (string) ද, L යනු ලැයිස්තුවක් (list) ද, T යනු උපලැකියානයක් (tuple) ද වේ. ඒ එක එහෙහි දිග (length) 10 කි.

පහත පයිතන් ප්‍රකාශ සලකන්න.

I S[2] = '2'
II L[2] = '2'
III T[2] = '2'

ඉහත ප්‍රකාශ තුනෙන් කවරක් දෝෂයක් ජනනය (generate) කරනු ලබයිද?","QuestionShortText":"යම් පයිතන් ක්‍රමලේඛයක S යනු තන්තුවක් (string) ද,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"I පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"II පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"I සහ II පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"I සහ III පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"I, II සහ III සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"පහත දැක්වෙන පයිතන් කේත ඛණ්ඩයෙහි ප්‍රතිදානය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන පයිතන් කේත ඛණ්ඩයෙහි ප්‍රතිදානය කුමක් ද?","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52770908201_8b91bfc6ab_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"0","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"5","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"8","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"19","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"21","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"පහත දැක්වෙන පයිතන් කේතය ක්‍රියාතමක කළ විට ප්‍රතිදානය කුමක් වේද?","QuestionShortText":"පහත දැක්වෙන පයිතන් කේතය ක්‍රියාතමක කළ විට ප්‍රතිදානය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52771405943_afc3004f8c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"1","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"2","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"3","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"4","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"දෝෂ පණිවුඩයක්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"පහත දැක්වෙන පයිතන් කේතයේ ආදානය 100 විට, ප්‍රතිදානය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන පයිතන් කේතයේ ආදානය 100 විට, ප්‍රතිදානය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52770932891_43f4d80884_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"Z","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"පහත දැක්වෙන පයිතන් කේතයේ ප්‍රතිදානය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන පයිතන් කේතයේ ප්‍රතිදානය කුමක් ද?","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52771202639_410e35ae60_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"100","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"85","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"79","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"72","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"7","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":41,"QuestionFullText":"පහත දැක්වෙන පයිතන් ක්‍රමලේඛය සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශ සත්‍ය වේ ද?

A - ආදාන ගොනුවේ (inFile.txt) අන්තර්ගතය, වරකට එක පේළිය බැගින්, ලූපයක් තුළ පරීක්ෂාවකට බඳුන් වේ (processed).

B - එක ගොනුවක මුළු අන්තර්ගතය, තවත් ගොනුවක ලියැවේ.

C - ගොනු දෙකෙන් එක ගොනුවක් හෝ නොමැති විට, ක්‍රමලේඛය එහි මුල් පේළි දෙක ක්‍රියාත්මක කිරීමේදී නතර වී ඉවත්වීම (stop and exit) සිදු වේ.","QuestionShortText":"පහත දැක්වෙන පයිතන් ක්‍රමලේඛය සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52771218274_afd2fa7245_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සහ B පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":42,"QuestionFullText":"පහත කවර HTML උසුලන, නිර්වචන ලැයිස්තුවක් (definition list) අර්ථ දැක්වීමට භාවිත වේ ද?","QuestionShortText":"පහත කවර HTML උසුලන, නිර්වචන ලැයිස්තුවක් (definition list)","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"<dl>, <dd>, <li>","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"<dl>, <dt>, <dd>","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"<dl>, <td>, <dd>","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"<dl>, <th>, <dd>","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"<dl>, <th>, <td>","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":43,"QuestionFullText":"පෝරමයක fieldset කණ්ඩයක මාතෘකාව (caption) දැක්වීම සඳහා පහත කවර HTML උසුලනය භාවිත වේ ද?","QuestionShortText":"පෝරමයක fieldset කණ්ඩයක මාතෘකාව (caption) දැක්වීම සඳහා පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"<caption>","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"<head>","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"<label>","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"<legend>","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"<title>","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":44,"QuestionFullText":"පහත PHP කේත කොටසෙන් බලාපොරොත්තු වන ප්‍රතිදානය කුමක් ද?","QuestionShortText":"පහත PHP කේත කොටසෙන් බලාපොරොත්තු වන ප්‍රතිදානය කුමක්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52771471293_65d181a058_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"Welcome.2020","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Welcome2020","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Welcome 2020","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Welcome;2020;","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"Welcome.2020;","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":45,"QuestionFullText":"වෙබ් පිටුවක බාගත කිරීමේ වේගයට (downloading speed) පහත කවරක් අවම ලෙස බලපායි ද?","QuestionShortText":"වෙබ් පිටුවක බාගත කිරීමේ වේගයට (downloading speed) පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙබ් අතරික්සුවේ (browser) හැකියාව (capability)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙබ් පිටුවේ ඇති අධිසම්බන්ධක (hyperlinks) ගණන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙබ් පිටුවේ ඇති අනුරූප (image) ගණන සහ ඒවායේ විශාලත්ව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙබ් පිටුව ගබඩා කර ඇති සේවාදායක පරිගණකයේ සැකසීම් බලය","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"වෙබ් පිටුව වෙත පිවිසීමට භාවිත කරන අන්තර්ජාල සම්බන්ධතාවයේ කලාප පළල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":46,"QuestionFullText":"පහත කේතය සම්බන්ධයෙන්, දී ඇති කවර වගන්තියක් සත්‍ය වේ ද?","QuestionShortText":"පහත කේතය සම්බන්ධයෙන්, දී ඇති කවර වගන්තියක් සත්‍ය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52770464667_0d647fb39d_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉන් අභ්‍යන්තර විලාසයක් (internal style) අර්ථ දැක්වෙන අතර එය CSS 'class' සංකල්පය භාවිත කරයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉන් අභ්‍යන්තර විලාසයක් අර්ථ දැක්වෙන අතර එය CSS 'group' සංකල්පය භාවිත කරයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන් පේළිගත විලාසයක් (inline style) අර්ථ දැක්වෙන අතර එය CSS 'group' සංකල්පය භාවිත කරයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කේතය තුළ දැක්වෙන විලාස, එක් අවයව (element) ප්‍රවර්ගයකට පමණක් භාවිත කළ හැකිය.","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"එය CSS 'Id' සංකල්පයට උදාහරණයක් වන අතර Id නාමය 'title' වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":47,"QuestionFullText":"පහත දැක්වෙන HTML කේත පේළියේ ප්‍රතිඵලය පිළිතුරු වගුවේ කුමන පේළියෙන් විස්තර කෙරේද?","QuestionShortText":"පහත දැක්වෙන HTML කේත පේළියේ ප්‍රතිඵලය පිළිතුරු වගුවේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52771323829_aed0cfcf4e_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52770534347_2667ac0fb6_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52771482295_57a9c59431_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52771560158_c071bfaf0a_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52771561153_0cf25ba048_o.png"},{"AnswerId":5,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52770539417_60dd71030c_o.png"}],"CorrectAnswers":[{"Id":1},{"Id":2},{"Id":3},{"Id":4},{"Id":5}]},{"QuestionId":48,"QuestionFullText":"e-වාණිජ්‍යය සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් සත්‍ය වේ ද?

A - කිසියම් භාණ්ඩයක් විවිධ e-වාණිජ්‍යය අඩවි වල විවිධ මිල ගණන් වලට තිබිය හැකිය.

B - භාණ්ඩ භාරගන්නා අවස්ථාවෙහි මුදල් ගෙවීමට ඉඩ දීමෙන්, පාරිභෝගිකයන්ට e-වාණිජ්‍යය අඩවිය හරහා තමන් මිලදීගත් භාණ්ඩ වල තත්වය පරික්ෂා කළ හැකිය.

C - සඳහන් වන මිලට අමතරව ප්‍රවාහන හා සේවා ගාස්තු ලෙස අමතර මිලක් ඇතුළත් කළ හැකිය.","QuestionShortText":"e-වාණිජ්‍යය සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් සත්‍ය වේ ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":5}]},{"QuestionId":49,"QuestionFullText":"පහත දෑ සලකන්න

A - අහසෙහි වළාකුළු ඇතිවීම
B - ජීවින්ගේ පරිණාමය
C - මිනිස් මොළයේ නියුරෝන ක්‍රියාකාරිත්වය

ජෛව ප්‍රේරිත පරිගණනය (bio-inspired computing) සඳහා ඉහත කවරක් භාවිත කළ හැකිද?","QuestionShortText":"පහත දෑ සලකන්න A - අහසෙහි වළාකුළු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":5}]},{"QuestionId":50,"QuestionFullText":"ක්වොන්ටම් පරිගණනය (quantum computing) සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වේ ද?

A - ක්වොන්ටම් පරිගණනයේ දී, ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මූලධර්ම යෙදෙවේ.

B - ක්වොන්ටම් පරිගණනයේ තොරතුරු ඒකකය ලෙස ක්වොන්ටම් බිටු qubits භාවිතා වේ.

C - ක්වොන්ටම් පරිගණක මනුෂ්‍ය පරිශීලකයන්ට අහිතකර විකිරණ පිට කරයි.","QuestionShortText":"ක්වොන්ටම් පරිගණනය (quantum computing) සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A සහ B පමණි","AnswerImageUrl":""},{"AnswerId":5,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}