{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ජීවයේ මූලික ව්‍යූහමය හා කෘත්‍යමය ඒකකය වනුයේ,","QuestionShortText":"ජීවයේ මූලික ව්‍යූහමය හා කෘත්‍යමය ඒකකය වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෛලය යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පටකය යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන්ද්‍රිය යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පද්ධතිය යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":2,"QuestionFullText":"එකිනෙක ආකර්ෂණය වන උපපරමාණුක අංශු යුගලය කුමක් ද?","QuestionShortText":"එකිනෙක ආකර්ෂණය වන උපපරමාණුක අංශු යුගලය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රෝටෝන හා නියුට්‍රෝන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉලෙක්ට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":3,"QuestionFullText":"ගම්‍යතාවේ ඒකකය,","QuestionShortText":"ගම්‍යතාවේ ඒකකය,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"kg m s⁻¹ වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"kg m s⁻² වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"kg m⁻¹ s⁻¹ වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"kg m² s⁻² වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":4,"QuestionFullText":"පහත A, B හා C රූප සටහන් වලින් දැක්වෙන්නේ පේශි පටක වර්ග තුනකි. එහි දැක්වෙන A, B හා C පිළිවෙලින්,","QuestionShortText":"පහත A, B හා C රූප සටහන් වලින්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52777866731_a89f489c3a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"සිනිඳු පේශි, හෘත් පේශි හා කංකාල පේශි පටක වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කංකාල පේශි, සිනිඳු පේශි හා හෘත් පේශි පටක වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිනිඳු පේශි, කංකාල පේශි හා හෘත් පේශි පටක වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හෘත් පේශි, කංකාල පේශි හා සිනිඳු පේශි පටක වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"පහත දැක්වෙන අණු අතරින් වැඩිම සහසංයුජ බන්ධන සංඛ්‍යාවක් සහිත අණුව කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන අණු අතරින් වැඩිම සහසංයුජ බන්ධන සංඛ්‍යාවක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"O₂","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"N₂","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"NH₃","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"CO₂","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"සූර්යයාගේ සිට පෘථිවියට තාපය සංක්‍රාමණය වන්නේ","QuestionShortText":"සූර්යයාගේ සිට පෘථිවියට තාපය සංක්‍රාමණය වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විකිරණය මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සන්නයනය මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංවහනය මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විකිරණය හා සංවහනය මගිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"ශිෂ්‍යයෙකු විසින් පාරසරික පිරමිඩයකින් උපුටාගත් පරිදි එම පරිසර පද්ධතියේ එක් නිෂ්පාදකයෙක් ද, ප්‍රාථමික යැපෙන්නෝ අට දෙනෙක් ද, ද්විතීයික යැපෙන්නෝ විසි තුන් දෙනෙක් ද සිටිති. ශිෂ්‍යයා මෙම තොරතුරු උපුටා ගන්නා ලද්දේ,","QuestionShortText":"ශිෂ්‍යයෙකු විසින් පාරසරික පිරමිඩයකින් උපුටාගත් පරිදි එම පරිසර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උඩුකුරු සංඛ්‍යා පිරමිඩයකිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යටිකුරු සංඛ්‍යා පිරමිඩයකිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උඩුකුරු ජෛව ස්කන්ධ පිරමිඩයකිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යටිකුරු ජෛව ස්කන්ධ පිරමිඩයකිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"වස්තුවක චලිතයේ විස්ථාපන-කාල ප්‍රස්තාරය මෙහි දැක්වේ. කාලය 0 සිට t₁ දක්වාත්, t₁ සිට t₂ දක්වාත් කාල ප්‍රාන්තර වලදී වස්තුවේ චලිත ස්වභාවය පිළිවෙළින්,","QuestionShortText":"වස්තුවක චලිතයේ විස්ථාපන-කාල ප්‍රස්තාරය මෙහි දැක්වේ. කාලය 0","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52778165709_c4939e2491_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ඒකාකාර ප්‍රවේගයක් හා ත්වරණයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඒකාකාර ප්‍රවේගයක් හා මන්දනයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඒකාකාර ත්වරණයක් හා මන්දනයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඒකාකාර මන්දනයක් හා ත්වරණයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"පහත දැක්වෙන තොරතුරු සහ සටහන භාවිත කර පිළිතුර තෝරන්න.

දෛහික වර්ණදේහයක ජාන විකෘති වීම නිසා ඇති වන ප්‍රවේණික ආබාධයක් වන තැලසීමියාව හේතුවෙන් හීමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වේ. ස්වභාවිකව හීමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වේ. ස්වභාවිකව හීමොග්ලොබින් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ජානය T ද විකෘත නිලීන ජානය t ද වේ. A, B, C හා D මගින් දැක්වෙන්නේ F₁ පරම්පරාවයි.

F₁ පරම්පරාවට අයත් තැලසීමියා රෝගියෙකු වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන තොරතුරු සහ සටහන භාවිත කර පිළිතුර","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52778440608_0211933d2b_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"පහත දැක්වෙන තොරතුරු සහ සටහන භාවිත කර පිළිතුර තෝරන්න.

දෛහික වර්ණදේහයක ජාන විකෘති වීම නිසා ඇති වන ප්‍රවේණික ආබාධයක් වන තැලසීමියාව හේතුවෙන් හීමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වේ. ස්වභාවිකව හීමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වේ. ස්වභාවිකව හීමොග්ලොබින් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ජානය T ද විකෘත නිලීන ජානය t ද වේ. A, B, C හා D මගින් දැක්වෙන්නේ F₁ පරම්පරාවයි.

F₁ පරම්පරාවට අයත් තැලසීමියා රෝගීන්, නිරෝගී රෝග වාහකයන් හා නිරෝගී පුද්ගලයන් අතර අනුපාතය","QuestionShortText":"පහත දැක්වෙන තොරතුරු සහ සටහන භාවිත කර පිළිතුර","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52778440608_0211933d2b_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"1 : 1 : 1 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"1 : 1 : 2 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"1 : 2 : 1 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"2 : 1 : 1 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"යම් වස්තුවක විස්ථාපනයේ විශාලත්වය පිළිබඳව සැම විටම සත්‍ය වන ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"යම් වස්තුවක විස්ථාපනයේ විශාලත්වය පිළිබඳව සැම විටම සත්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චලනය වූ දුරට වඩා විශාල ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චලනය වූ දුරට සමාන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චලනය වූ දුරට වඩා අඩු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"චලනය වූ දුරට සමාන හෝ අඩු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"X හා Y නම් මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිවෙළින් 2, 8, 1 හා 2, 8, 7 වේ. එම මූලද්‍රව්‍ය යුගලය පිළිබඳ පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"X හා Y නම් මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආවර්තිතා වගුවේ එකම ආවර්තයේ පිහිටයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආවර්තිතා වගුවේ එකම කාණ්ඩයේ පිහිටයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අයනික බන්ධන සාදමින් රසායනිකව සංයෝජනය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංයෝජනය වී රසායනික සූත්‍රය XY වන සංයෝගය සාදයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"ඔක්සිජන් වායුව 64 g ක අඩංගු O₂ අණු සංඛ්‍යාව කොපමණ ද? ( O = 16 )","QuestionShortText":"ඔක්සිජන් වායුව 64 g ක අඩංගු O₂ අණු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"6.022 x 10²³","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"2 x 6.022 x 10²³","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"4 x 6.022 x 10²³","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"64 x 6.022 x 10²³","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"W, X, Y හා Z ආවර්තිතා වගුවේ අනුයාතව පිහිටි පරමාණුක ක්‍රමාංකය 20ට අඩු මූලද්‍රව්‍ය හතරකි. ඒවායේ පරමාණුක ක්‍රමාංකයට එදිරිව පළමු අයනීකරණ ශක්තිය (I₁) විචලනය වන ආකාරය ප්‍රස්තාරයෙන් දැක්වේ.

ආවර්තිතා වගුවේ Y පිහිටන කාණ්ඩය කුමක් විය යුතු ද?","QuestionShortText":"W, X, Y හා Z ආවර්තිතා වගුවේ අනුයාතව","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52778490943_f31852bc03_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"I","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"II","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"III","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"IV","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"මානව දේහ ක්‍රියාකාරිත්වය සඳහා ශක්තිය ලබාදෙන ප්‍රධාන සංඝටක ලෙස ක්‍රියාකරනුයේ,","QuestionShortText":"මානව දේහ ක්‍රියාකාරිත්වය සඳහා ශක්තිය ලබාදෙන ප්‍රධාන සංඝටක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රෝටීන හා ලිපිඩ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රෝටීන හා විටමින් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාබොහයිඩ්‍රේට හා ලිපිඩ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාබොහයිඩ්‍රේට හා ප්‍රෝටීන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"පුද්ගලයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වී ඇත. ඔහු විසින් පරිභෝජනය අවම කළ යුත්තේ පහත කුමන ආහාරය ද?","QuestionShortText":"පුද්ගලයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිරි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුං ඇට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"නියුක්ලෙයික් අම්ල පිළිබඳව අසත්‍ය වගන්තිය තෝරන්න.","QuestionShortText":"නියුක්ලෙයික් අම්ල පිළිබඳව අසත්‍ය වගන්තිය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තැනුම් ඒකකය නියුක්ලියොටයිඩ නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වාභාවික බහුඅවයවකයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රවේණික තොරතුරු ගබඩා කරයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C, H, O හා N යන මූලද්‍රව්‍ය පමණක් අඩංගු වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"ජලය, සුළඟ හා ස්ඵෝටනය මගින් ව්‍යාප්ත වන බීජ/ඵල සඳහා නිදසුන් වනුයේ පිළිවෙළින්,","QuestionShortText":"ජලය, සුළඟ හා ස්ඵෝටනය මගින් ව්‍යාප්ත වන බීජ/ඵල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කොට්ටම්බා, හොර හා අඹ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නෙළුම්, එඬරු හා රබර් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොල්, වරා හා රබර් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කොස්, කපු හා බණ්ඩක්කා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"පෙකණිවැල හරහා මවගෙන්, භ්‍රෑණයට ගමන් නොකරන්නේ මින් කුමක් ද?","QuestionShortText":"පෙකණිවැල හරහා මවගෙන්, භ්‍රෑණයට ගමන් නොකරන්නේ මින් කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රුධිරය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පෝෂක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔක්සිජන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රෝග කාරක","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සංසිද්ධිය දැක්වෙන කිරණ සටගන කුමක් ද?","QuestionShortText":"පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සංසිද්ධිය දැක්වෙන කිරණ සටගන කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52778486765_13ab68c967_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52778489545_9c047e1128_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52777546702_a80de52686_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52778557428_ed82c89058_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"ධාවන තරඟයක් අවසන් කළ මලල ක්‍රීඩකයෙකුගේ පාදය කෙණ්ඩා පෙරළීමකට ලක් විය. කෙණ්ඩා පෙරළීමට හේතුවන පේශි සෛල තුළ නිපදවෙන රසායනික සංයෝගය කුමක් ද?","QuestionShortText":"ධාවන තරඟයක් අවසන් කළ මලල ක්‍රීඩකයෙකුගේ පාදය කෙණ්ඩා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාබන් ඩයොක්සයිඩ්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එතිල් මධ්‍යසාරය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලැක්ටික් අම්ලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇසිටික් අම්ලය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"අචලතාපී සත්ත්වයෙකු හා චලතාපී සත්ත්වයෙකු වන්නේ පිළිවෙළින්","QuestionShortText":"අචලතාපී සත්ත්වයෙකු හා චලතාපී සත්ත්වයෙකු වන්නේ පිළිවෙළින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරවියා හා මැඩියා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වලහා හා මීයා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගැරඬියා හා තල්මසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිඹුලා හා ඉබ්බා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"1.5V විද්‍යුත්ගාමක බලයක් සහිත වියළි කෝෂ දෙකකින් 3V වෝල්ටීයතාවක් ලබා ගැනීම සඳහා යොදා ගත හැකි සැකසුම කුමක්ද?","QuestionShortText":"1.5V විද්‍යුත්ගාමක බලයක් සහිත වියළි කෝෂ දෙකකින් 3V","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52779293542_12f62d9d19_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52779828311_ae65e4d27f_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52779296557_0273bcef7a_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52780247835_5429ef2265_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"සිසිල් ජලය සමඟ ප්‍රතික්‍රියා නොකරන මුත්, උණු ජලය සමඟ ප්‍රතික්‍රියා කරන ලෝහය කුමක් ද?","QuestionShortText":"සිසිල් ජලය සමඟ ප්‍රතික්‍රියා නොකරන මුත්, උණු ජලය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෝඩියම්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මැග්නීසියම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇලුමිනියම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කැල්සියම්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"කෝවිඩ්-19 (Covid-19) වෛරසය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"කෝවිඩ්-19 (Covid-19) වෛරසය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආලෝක අණ්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරිවෘත්තීය ක්‍රියා සිදු කරයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"DNA සහිත න්‍යෂ්ටියක් දරයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජීවී මෙන්ම අජීවී ලක්ෂණ ද පෙන්වයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"ලේවායකදී මුහුදු ජලයෙන් ලුණු නිස්සාරණය සිදු කරන විට NaCl සමගම අවක්ෂේප වන සංයෝගය කුමක් ද?","QuestionShortText":"ලේවායකදී මුහුදු ජලයෙන් ලුණු නිස්සාරණය සිදු කරන විට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Na₂SO₄","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"MgCl₂","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"CaCO₃","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"CaSO₄","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"ජලය මගින් එක්තරා වස්තුවක් මත යෙදෙන උපරිම උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩු ය. එවිට වස්තුව,","QuestionShortText":"ජලය මගින් එක්තරා වස්තුවක් මත යෙදෙන උපරිම උඩුකුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජල පෘෂ්ඨය මත පා වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජලයේ අර්ධ වශයෙන් ගිලී පා වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජලයේ පූර්ණ වශයෙන් ගිලී පා වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්පූර්ණයෙන්ම ජලයේ ගිලේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"මානව ආහාර ජීර්ණ පද්ධතියටත්, මානව ශ්වසන පද්ධතියටත් පොදු කොටස කුමක් ද?","QuestionShortText":"මානව ආහාර ජීර්ණ පද්ධතියටත්, මානව ශ්වසන පද්ධතියටත් පොදු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුඛය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අන්නස්‍රෝතය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ග්‍රසනිකාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වරාලය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"රූපයේ දැක්වෙන්නේ අරය 0.4 m වන රෝදයක් භ්‍රමණය කිරීම සඳහා බල යුග්මයක් යෙදෙන ආකාරයයි. මෙම බල යුග්මයේ ඝූර්ණය කොපමණ ද?","QuestionShortText":"රූපයේ දැක්වෙන්නේ අරය 0.4 m වන රෝදයක් භ්‍රමණය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52780370333_9b93a16798_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"5 x 0.4 N m","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"5 x 0.8 N m","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"5 x 5 x 0.4 N m","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"5 x 5 x 0.8 N m","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"ඔක්සිජන් වායු (O₂) 96 g ක් හා නයිට්‍රජන් වායු (N₂) 56 g ක් අඩංගු මිශ්‍රණයක O₂ හි මවුල භාගය කොපමණ ද?
(N = 14, O = 16)","QuestionShortText":"ඔක්සිජන් වායු (O₂) 96 g ක් හා නයිට්‍රජන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"⅕","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"⅖","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"⅗","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"⅘","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"කාමර උෂ්ණත්වයේදී සින්ක් ලෝහය හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරවූ ආකාර හතරක් පහත දැක්වේ. වැඩිම ශීඝ්‍රතාවකින් හයිඩ්‍රිජන් වායුව මුක්ත කරනුයේ කුමන ආකාරයේදී ද?","QuestionShortText":"කාමර උෂ්ණත්වයේදී සින්ක් ලෝහය හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සින්ක් කැබලි + තනුක හයිඩ්‍රොක්ලෝරික්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සින්ක් කැබලි + සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සින්ක් කුඩු + තනුක හයිඩ්‍රොක්ලෝරික්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සින්ක් කුඩු + සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"ප්‍රබල අම්ලයක් හා ප්‍රබල භස්මයක් අතර සිදුවන්නේ,","QuestionShortText":"ප්‍රබල අම්ලයක් හා ප්‍රබල භස්මයක් අතර සිදුවන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තාපදායක උදාසීනිකරණ ප්‍රතික්‍රියාවකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තාපාවශෝෂක උදාසීනිකරණ ප්‍රතික්‍රියාවකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තාපදායක සංයෝජන ප්‍රතික්‍රියාවකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාපාවශෝෂක සංයෝජන ප්‍රතික්‍රියාවකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"රූපයේ ආකාරයට I විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයක්, චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තබා ඇත. තිරස් රේඛා මගින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැක්වේ. එවිට සන්නායකය මත ක්‍රියා කරන බලයේ දිශාව","QuestionShortText":"රූපයේ ආකාරයට I විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයක්,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52780408595_0ed0b084d3_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"කඩදාසියේ තලය ඔස්සේ වම් පසට වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කඩදාසියේ තලය ඔස්සේ දකුණු පසට වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කඩදාසියේ තලයට ලම්බකව තලය තුළට වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කඩදාසියේ තලයට ලම්බකව තලයෙන් පිටතට වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී උෂ්ණත්වය -10⁰C හි පවතින සංශුද්ධ අයිස් කුට්ටියක් ද්‍රව ජලය බවට පත්වන තුරුත්, අනතුරුව එම ජලය නැටීම ආරම්භ වී ටික වේලාවක් ගතවන තුරුත්, ඒකාකාර ශීඝ්‍රතාවකින් රත් කරන ලදි. පද්ධතියේ උෂ්ණත්වය කාලය සමඟ විචලනය වීම නිවරදිව නිරූපණය කරන ප්‍රස්තාරය කුමක් ද?","QuestionShortText":"සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී උෂ්ණත්වය -10⁰C හි පවතින සංශුද්ධ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52780300959_8f83718211_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52780051146_808e808eff_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52780052131_86beb81450_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52780303859_3a67e7e832_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":35,"QuestionFullText":"ස්වාභාවික රබර් සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.

A - එය රේඛීය බහුඅවයවයකි.
B - ඒක අවයවකය අයිසොප්‍රීන් වේ.
C - දාම අතර හරස් බන්ධන ඇත.","QuestionShortText":"ස්වාභාවික රබර් සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"M නමැති ද්විසංයුජ ලෝහය සමඟ යකඩ සම්බන්ධ කර තැබීමෙන් යකඩ විඛාදනය වීම පාලනය කළ හැකිය. මෙහිදී M ලෝහය ලක් වන අර්ධ ප්‍රතික්‍රියාව කුමක් ද?","QuestionShortText":"M නමැති ද්විසංයුජ ලෝහය සමඟ යකඩ සම්බන්ධ කර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"M(s) ⟶ M²⁺ (aq) + 2e","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"M²⁺ (aq) ⟶ M(s) + 2e","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"M²⁺ (aq) + 2e ⟶ M(s)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"M(s) ⟶ M⁺ (aq) + e","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"වස්තුවක් මත 4 N බලයක් හා 3 N බලයක් එකම අවස්ථාවේදී යොදනු ලැබේ. එහිදී ලබා ගත හැකි සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය පිළිබඳ දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ලබාගත හැකි සම්ප්‍රයුක්තයේ උපරිම විශාලත්වය 7 N වේ.
B - ලබාගත හැකි සම්ප්‍රයුක්තයේ අවම විශාලත්වය 1 N වේ.
C - ලබාගත හැකි සම්ප්‍රයුක්තයේ විශාලත්වය හැම විටම 5 N වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,","QuestionShortText":"වස්තුවක් මත 4 N බලයක් හා 3 N","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":38,"QuestionFullText":"රූපයේ දැක්වෙන පරිදි ප්‍රබල දණ්ඩ චුම්බකයක් විශාල වට සංඛ්‍යාවක් සහිත පරිවරණය කළ තඹ කම්බි දඟරයක් තුළට සහ ඉන් ඉවතට චලනය කරනු ලැබේ. චුම්බකයේ චලිත අවස්ථා පිළිබඳ නිවැරදි නිරීක්ෂණය කුමක් ද?","QuestionShortText":"රූපයේ දැක්වෙන පරිදි ප්‍රබල දණ්ඩ චුම්බකයක් විශාල වට","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52780528830_c772ebaecc_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"අවස්ථා දෙකෙහිදීම බල්බය හා LED දෙකම එකවර දැල්වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අවස්ථා දෙකෙහිදීම බල්බය දැල්වෙන අතර LED එකක් පමණක් දැල්වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දඟරය තුළට චලනය කරන විට පමණක් බල්බය හා LED එකක් දැල්වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දඟරයෙන් ඉවතට චලනය කරන විට පමණක් බල්බය හා LED එකක් දැල්වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"පහත ප්‍රකාශ සලකන්න.

A - ආහාර දාමයක් ඔස්සේ ජෛව එක් රැස් වීම සිදු වේ.

B - විෂ රසායනික දූෂක වැඩි වශයෙන් සාන්ද්‍රගත වන්නේ ආහාර දාමයක ඉහළ පෝෂී මට්ටම් වලයි.

ඉහත,","QuestionShortText":"පහත ප්‍රකාශ සලකන්න. A - ආහාර දාමයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A ප්‍රකාශය සත්‍ය වන අතර B ප්‍රකාශය අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A ප්‍රකාශය අසත්‍ය වන අතර B ප්‍රකාශය සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"වැවක් අසල පුවරුවක ප්‍රදර්ශනය කර තිබූ වැකියක් රූපයේ දැක්වේ. එහි සඳහන් විපර්යාසයට වැඩියෙන්ම දායක වන්නට ඇත්තේ එම වැව ආශ්‍රිතව සිදුවන පහත කුමන මිනිස් ක්‍රියාකාරකම ද?","QuestionShortText":"වැවක් අසල පුවරුවක ප්‍රදර්ශනය කර තිබූ වැකියක් රූපයේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52779602257_5861330707_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"වැව ඉස්මත්ත හෙළි පෙහෙළි කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාළු ඇල්ලීම නිසා ඇල්ගී ගහනය වැඩි වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වාහන සේදීම නිසා තෙල් හා ග්‍රීස් එකතු වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මල හා බහිස්ස්‍රාවී අපද්‍රව්‍ය ජලයට එකතු කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}