{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"සිදුහත් බෝසතාණන් වහන්සේ 'සත්‍ය ගවේසීව' සිටි සමයේ උන්වහන්සේට මුණ ගැසුණු අෂ්ඨ සමාපත්තිලාභීව සිටි තවුසාගේ නම කුමක් ද?","QuestionShortText":"සිදුහත් බෝසතාණන් වහන්සේ 'සත්‍ය ගවේසීව' සිටි සමයේ උන්වහන්සේට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භග්ගව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාලදේවල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආලාරකාලාම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උද්දකරාමපුත්ත","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"'ආනන්දයෙනි, මේ රජගහනුවර සිත් අලවන සුලු ය. එසේම නිග්‍රෝධය සිත්කලු ය. චෞර ප්‍රපාතය සිත්කලු ය.' යනාදී ප්‍රකාශය තුළින් කියැවෙන්නේ,","QuestionShortText":"'ආනන්දයෙනි, මේ රජගහනුවර සිත් අලවන සුලු ය. එසේම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වස් විසූ ස්ථාන පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාරසරික සුන්දරත්වය ඇගයීමට ලක් කළ ස්ථාන පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සක්මන් කිරීම සඳහා භාවිත කළ ස්ථාන පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සරාගී බව වඩවන ස්ථාන පිළිබඳව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":3,"QuestionFullText":"මට්ටකුණ්ඩලී, රජ්ජුමාලා වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති,","QuestionShortText":"මට්ටකුණ්ඩලී, රජ්ජුමාලා වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගිලානෝපස්ථාන ගුණයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසරණ සරණ ගුණයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සහනශීලී ගුණයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අකම්ප්‍ය ගුණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව කවුද?","QuestionShortText":"බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුරුද්ධ හිමි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආනන්ද හිමි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධම්මාරාම හිමි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වක්කලී හිමි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"'රහසත් පව් නොකොට - කෙලෙසරයනුත් දුරු කොට' මෙම කවි දෙපදයෙන් කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති කිනම් බුදු ගුණය ද?","QuestionShortText":"'රහසත් පව් නොකොට - කෙලෙසරයනුත් දුරු කොට' මෙම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්මා සම්බුද්ධ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අරහං","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලෝකවිදූ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුගත","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"නිවන් පසක් කිරීමට අවශ්‍ය වන මනා පිළිවෙත් රකින බැවින් සඟරුවන,","QuestionShortText":"නිවන් පසක් කිරීමට අවශ්‍ය වන මනා පිළිවෙත් රකින","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුපටිපන්න නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උජුපටිපන්න නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඤායපටිපන්න නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාමීචිපටිපන්න නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"'දානං සීලං පරිච්චාගං' යන ගාථාවෙහි සඳහන් ධර්ම කරුණු හඳුන්වන පොදු නාමය කුමක් ද?","QuestionShortText":"'දානං සීලං පරිච්චාගං' යන ගාථාවෙහි සඳහන් ධර්ම කරුණු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දස රාජ ධර්ම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දස පාරමිතා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දස පුණ්‍යක්‍රියා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දස කුසල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":8,"QuestionFullText":"කිසියම් පුද්ගලයකු, වස්තුවක් හෝ සිද්ධියක් සමග විශේෂ ඇල්මක් හෝ පිළිකුලක් ඇති කර නොගෙන සමසිත පැවැත්වීම ප්‍රකට කෙරෙන්නේ,","QuestionShortText":"කිසියම් පුද්ගලයකු, වස්තුවක් හෝ සිද්ධියක් සමග විශේෂ ඇල්මක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උපේක්ෂා පාරමිතාවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෛත්‍රී පාරමිතාවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්ෂාන්ති පාරමිතාවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අධිෂ්ඨාන පාරමිතාවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සූකරකත ලෙනෙහි දී දේශනා කළ සූත්‍ර ධර්මය වන්නේ,","QuestionShortText":"බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සූකරකත ලෙනෙහි දී දේශනා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අම්බට්ඨ සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහා සීහනාද සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වේදනා පරිග්‍රහ සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෝණදණ්ඩ සූත්‍රයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ,","QuestionShortText":"සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මැනවින් හික්මවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මැනවින් ඉගැන්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තම මිත්‍රයන්ට හඳුන්වා දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පවින් වැලැක්වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"දැහැමින් උපයාගත් ධනය පරිභෝජනය කළ යුතු ආකාරය පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ 'පත්තකම්ම සූත්‍රය' දේශනා කළේ,","QuestionShortText":"දැහැමින් උපයාගත් ධනය පරිභෝජනය කළ යුතු ආකාරය පැහැදිලි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උග්ග සිටුතුමාට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනේපිඬු සිටුතුමාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොසොල් රජතුමාට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විශාඛා උපාසිකාවට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"පත්තකම්ම සූත්‍රයෙහි සඳහන් බලි සංකල්පයෙහි එන 'දේවතා බලි' යන්නෙහි අර්ථය වන්නේ,","QuestionShortText":"පත්තකම්ම සූත්‍රයෙහි සඳහන් බලි සංකල්පයෙහි එන 'දේවතා බලි'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෙවියන් උදෙසා සත්ත්ව බිලි පූජා පැවැත්වීම අනිවාර්ය බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙවියෙකු විසින් සත්ත්වයා මැවූ බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිලි පූජා සඳහා දේවතාවකු යොදා ගත් බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආගමික කටයුතු සිදු කරමින් දෙවියන්ට පිං දීම සිදු කළ යුතු බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"ගුරුවරුන්ට සවන්දීමෙන් පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීම ධර්මයේ හැඳින්වෙන්නේ,","QuestionShortText":"ගුරුවරුන්ට සවන්දීමෙන් පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චින්තාමය ප්‍රඥා නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුතමය ප්‍රඥා නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භාවනාමය ප්‍රඥා නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉන්ද්‍රියමය ප්‍රඥා නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"සංසාර නැමති සාගරය තරණය කිරීමට ඉවහල් වන, එසේම වැපිරිය යුතු බීජයක් ලෙස ද දක්වා ඇති, නිවන් මගට පිවිසීමට මුල්වන ධර්ම කරුණ වන්නේ,","QuestionShortText":"සංසාර නැමති සාගරය තරණය කිරීමට ඉවහල් වන, එසේම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භක්තියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සද්ධාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තපසයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔත්තප්පයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"තමා ලබන ආදායමට සරිලන ලෙස වියදම හොඳින් දැන අයවැය මනාව පාලනය කර ගැනීම ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දැක්වෙන්නේ,","QuestionShortText":"තමා ලබන ආදායමට සරිලන ලෙස වියදම හොඳින් දැන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උට්ඨාන සම්පදා ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආරක්ඛ සම්පදා ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කල්‍යාණමිත්තතා ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමජීවිකතා ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩිදියුණු කිරීම යන චතුර්විධ ක්‍රියාමාර්ගයන්හි යෙදීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි අන්තර්ගත වන්නේ කුමන මාර්ගාංගයට ද?","QuestionShortText":"නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් නැති කිරීම, නූපන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්මා වාචා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්මා කම්මන්ත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්මා ආජිව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්මා වායාම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"මංගල හා පරාභව සූත්‍රයන්හි සඳහන් ධර්මෝපදේශ වලින් ප්‍රකට වන අර්ථය ඇතුළත් වඩාත් ගැළපෙන ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"මංගල හා පරාභව සූත්‍රයන්හි සඳහන් ධර්මෝපදේශ වලින් ප්‍රකට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සිතීමට හා විමසීමට අනුබල ලබා දෙයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යුතුකම් ඉටු කළ යුතු සමාජ කණ්ඩායම් පෙන්වා දෙයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිවැරදි ධනෝපායන ක්‍රමෝපායයන් පිළිබඳ උගන්වයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙලොව පරලොව දියුණුවට හා පරිහානියට ඉවහල් වන කරුණු ඉදිරිපත් කරයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍ය පුත්‍ර සුභ මානවකයාට දේශනා කළ පරිදි යමෙක් දීර්ඝායුෂ්කව උපත ලැබීමට හේතු වන සාධකය වන්නේ,","QuestionShortText":"බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍ය පුත්‍ර සුභ මානවකයාට දේශනා කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන් සැපතට ඊර්ෂ්‍යා නොකිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රාණඝාතයෙන් තොර වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ද්වේශ නොකිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මානයෙන් තොර වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"නිවන් මග ආවරණය කරන පංච නීවරණ ධර්ම අතර 'ව්‍යාපාදය' උපමා කොට ඇත්තේ,","QuestionShortText":"නිවන් මග ආවරණය කරන පංච නීවරණ ධර්ම අතර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාසි සහිත ජලයකට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කැළඹී ගිය ජලයකට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බොර වී ගිය ජලයකට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රත් වී උතුරන විට බුබුළු නැගෙන ජලයකට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"සිත කය දෙකෙහි නිතර පවතින නිදිමත හා උදාසීන ගතිය නීවරණ ධර්මයක් වන අතර, එය හැඳින්වෙන්නේ,","QuestionShortText":"සිත කය දෙකෙහි නිතර පවතින නිදිමත හා උදාසීන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාමච්ඡන්ද නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ථීනමිද්ධ නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උද්ධච්ච කුක්කුච්ච නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විචිකිච්ඡා නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":21,"QuestionFullText":"භාවනාවට යොමු වන පුද්ගලයා විසින් හිඳීම, සිටීම, ඇවිදීම ආදී ඉරියව් පැවැත්වීම අවබෝධයෙන් සිදු කළ යුතු ය. එය ධර්මයේ හැඳින්වෙන්නේ,","QuestionShortText":"භාවනාවට යොමු වන පුද්ගලයා විසින් හිඳීම, සිටීම, ඇවිදීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉන්ද්‍රිය සංවරය නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සති සම්පජඤ්ඤය නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වේදනානුපස්සනා නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කායානුපස්සනා නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"සමථ භාවනාව වැඩීමෙන් ලෞකික ජීවිතයට ලැබිය හැකි ප්‍රයෝජන ගණයට අයත් නොවන කරුණ කුමක් ද?","QuestionShortText":"සමථ භාවනාව වැඩීමෙන් ලෞකික ජීවිතයට ලැබිය හැකි ප්‍රයෝජන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලෝභාදී කෙලෙස් සිතිවිලි පාලනය වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසහනය නැති වී ප්‍රසන්න පෙනුමක් ඇති වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිත විසිරයාමට නොදී එකඟ කර ගැනීමට උපකාරී වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ත්‍රිලක්ෂණය පිළිඹඳ මනා අවබෝධයක් ලැබිය හැකි වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":23,"QuestionFullText":"'මම සම්බුද්ධ වෙමි. ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි' යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ උන්වහන්සේ,","QuestionShortText":"'මම සම්බුද්ධ වෙමි. ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කායික රෝග වලට ප්‍රතිකාර කළ බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශල්‍යකර්ම සිදු කළ බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මානසික රෝග නිවාරණයට මග පෙන්වූ බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උපස්ථායකයකු ලෙස කටයුතු කළ බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"'මම තරුණවියේ පිළිවෙත් රැක්කේ ද නැත. ධනය රැස් කළේ ද නැත.' ආදී වශයෙන් පසුතැවීමට හේතුවන බව දැක්වෙන ධම්මපද ගාථාවේ මුල් පද දෙක කුමක් ද?","QuestionShortText":"'මම තරුණවියේ පිළිවෙත් රැක්කේ ද නැත. ධනය රැස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අක්කොච්ජි මං අවධි මං - අජිනි මං අහාසි මේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුජීවං අහිරිකේන - කාකසූරෙන ධංසිනා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"පස්කම් සැපතින් නික්මීම, අනුන් නොනැසීම හා අනුන්ට හිංසා නොකිරීම යන සංකල්පනාවන්ගෙන් යුක්ත වීම,","QuestionShortText":"පස්කම් සැපතින් නික්මීම, අනුන් නොනැසීම හා අනුන්ට හිංසා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්මා දිට්ඨි නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්මා සංකප්ප නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්මා කම්මන්ත නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්මා ආජිව නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"'ප්‍රතිසන්ධි සිත හේතුකොට ගෙන පංචස්කන්ධය ඇති වේ.' යන්න සඳහන් අනුලෝම පටිච්ච සමුප්පාද ඉගැන්වීම වන්නේ,","QuestionShortText":"'ප්‍රතිසන්ධි සිත හේතුකොට ගෙන පංචස්කන්ධය ඇති වේ.' යන්න","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'අවිජ්ජා පච්චයා සංඛාරා' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'සංඛාර පච්චයා විඤ්ඤාණං' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'විඤ්ඤාණ පච්චයා නාමරූපං' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'නාමරූප පච්චයා සලායතනං' යන්නයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"මංගල සූත්‍රයෙහි 'අනවජ්ජානි කම්මානි' යන පාඨයෙන් කියැවෙන නිවැරදි කර්මාන්ත ගණයට අයත් නොවන්නේ,","QuestionShortText":"මංගල සූත්‍රයෙහි 'අනවජ්ජානි කම්මානි' යන පාඨයෙන් කියැවෙන නිවැරදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෘෂි කර්මාන්තයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගව පාලනයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සත්ත්ව වෙළඳාමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රාජ්‍ය සේවයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"'දූරංගමං ඒකචරං - අසරීරං ගුහාසයං' යන ධම්මපද ගාථාවෙන් දැක්වෙන්නේ,","QuestionShortText":"'දූරංගමං ඒකචරං - අසරීරං ගුහාසයං' යන ධම්මපද ගාථාවෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සිතෙහි ස්වභාවයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කයෙහි ස්වභාවයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංස්කාර ධර්ම වල ස්වභාවයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රූප ධර්ම වල ස්වභාවයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"'කාලාමයෙනි, මේ දහම සපුරා ගත්, සමාදන් කොටගත් තැනැත්තාට අවැඩ පිණිසම වන්නේ යැයි යම් කලෙක ඔබට වැටහේ නම් එකල්හි එය බැහැර කළ යුතු ය.' මෙම ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ බුදු දහමේ එන,","QuestionShortText":"'කාලාමයෙනි, මේ දහම සපුරා ගත්, සමාදන් කොටගත් තැනැත්තාට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විමර්ශනශීලී බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සත්‍යගරුක බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රතිපත්තිගරුක බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උපායශීලී බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":30,"QuestionFullText":"දස අකුසල කර්ම වල මනෝ කර්ම ගණයට ගැනෙන අකුසල් ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"දස අකුසල කර්ම වල මනෝ කර්ම ගණයට ගැනෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රාණඝාත, අදත්තාදාන, මුසාවාද","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාපා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභිධ්‍යා, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ටි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":31,"QuestionFullText":"'මොළොක් සහ තෙත් ගතියෙන් යුක්ත ජනතා ගැටලු වලට විසඳුම් ලබා දීම' දසරාජධර්ම වල හැඳින්වෙන්නේ,","QuestionShortText":"'මොළොක් සහ තෙත් ගතියෙන් යුක්ත ජනතා ගැටලු වලට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීලය නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඍජු බව නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෘදු බව නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තපස නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"'කියනුව දිවාරැය - කෙරෙම් බුදුගුණ අලංකාරය' යනුවෙන් වටිනා කාව්‍ය ග්‍රන්ථයක් රචනා කළ කතුවරයා,","QuestionShortText":"'කියනුව දිවාරැය - කෙරෙම් බුදුගුණ අලංකාරය' යනුවෙන් වටිනා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තොටගමුවේ රාහුල හිමි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වීදාගම මෛත්‍රේය හිමි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මයුරපාද පිරිවෙන්පති හිමි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වැලිවිට සරණංකර හිමි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":33,"QuestionFullText":"දෙවන හා තෙවන ථේරවාදී ධර්ම සංගායනා සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් පාලකයින් දෙදෙනා,","QuestionShortText":"දෙවන හා තෙවන ථේරවාදී ධර්ම සංගායනා සඳහා අනුග්‍රාහක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධර්මාශෝක සහ අජාසත්ත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අජාසත්ත සහ කාලාශෝක ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාලාශෝක සහ කණිෂ්ක ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාලාශෝක සහ ධර්මාශෝක ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"විභාෂා නමින් අටුවා ග්‍රන්ථ සම්පාදනය කොට, තඹ පත්තිරුවල ලියවා, සෙල්මුවා මඤ්ජුසා වල බහා ස්තූපයක තැන්පත් කරන ලද්දේ,","QuestionShortText":"විභාෂා නමින් අටුවා ග්‍රන්ථ සම්පාදනය කොට, තඹ පත්තිරුවල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෙවන ධර්ම සංගායනාවේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තෙවන ධර්ම සංගායනාවේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අලුවිහාර සංගායනාවේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කණිෂ්ක සංගායනාවේ දී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"'සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්' යන ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ අනගාරික ධර්මපාලතුමා සතුව පැවති,","QuestionShortText":"'සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්' යන ප්‍රකාශයෙන් ප්‍රකට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිහතමානී බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිර්භීත බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවිහිංසාවාදී බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රතිපත්තිගරුක බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම චිත්‍රයට නගා ඇති පොළොන්නරු යුගයට අයත් පූජනීය ස්ථානය කුමක් ද?","QuestionShortText":"බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හිඳගල විහාරය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිඹුලාගල ලෙන් විහාරය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තිවංක පිළිම ගෙය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැදවල විහාරය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":37,"QuestionFullText":"ශ්‍රී ලාංකික කලාකරුවාගේ කලා කුසලතාව මෙන් ම ධර්ම සන්නිවේදන ශක්‍යතාව ද ප්‍රකට කෙරෙන අග්‍රගණ්‍ය කලා නිර්මාණයක් වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලාංකික කලාකරුවාගේ කලා කුසලතාව මෙන් ම ධර්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පටිමාඝරයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චේතියඝරයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෝධිඝරයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සඳකඩපහණයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":38,"QuestionFullText":"බහුජාතික සහ බහුආගමික සමාජයක් තුළ අන්‍ය ආගම් වලට ද ගරු කරමින් ස්වකීය අනන්‍යතාව තහවුරු වන පරිදි ජීවත් වීම,","QuestionShortText":"බහුජාතික සහ බහුආගමික සමාජයක් තුළ අන්‍ය ආගම් වලට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජාත්‍යාලය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමානාත්මතාව නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සහජීවනය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමජීවිකතාව නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් පස්දෙනෙකු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අතර, එයින් අනුභව කළ ආහාර වමාරා නැවත ආහාර ගන්නා තැනැත්තා,","QuestionShortText":"ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් පස්දෙනෙකු ගැන බෞද්ධ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආහාර හත්ථක නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අලංසාටක නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තත්ථාවට්ටක නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භූත්තවමිතක නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාව,","QuestionShortText":"පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාම තණ්හාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භව තණ්හාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විභව තණ්හාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රස තණ්හාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}