{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"සිදුහත් බෝසතාණන් වහන්සේ දේවාරාධනය ලැබීමෙන් පසු තම අවසන් උපත සඳහා සුදුසු පසුබිම නුවණින් විමසා බැලීම හඳුන්වනුයේ,","QuestionShortText":"සිදුහත් බෝසතාණන් වහන්සේ දේවාරාධනය ලැබීමෙන් පසු තම අවසන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමතිස් පෙරුම් පිරීම නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පංච මහා විලෝකනය නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පංච මහා ස්වප්න (සිහින) දැකීම නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"චතුරංග සමන්නාගත වීර්ය වැඩීම නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"තරුණ සිදුහත් කුමාරයාට ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධය වූයේ,","QuestionShortText":"තරුණ සිදුහත් කුමාරයාට ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධය වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිබ්බුත පද ඇසීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාර දූවරුන්ගේ රංගනය දැකීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සතර පෙර නිමිති දැකීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නළඟනන්ගේ විප්‍රකාර දැකීමෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"යසෝදරා දේවියට පුතකු ලද බව පණිවුඩකරුවකු මගින් අසන්නට ලැබුණු විට සිදුහත් බෝසතුන්ගේ මුවින් 'රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං' යනුවෙන් ප්‍රකාශ වූයේ,","QuestionShortText":"යසෝදරා දේවියට පුතකු ලද බව පණිවුඩකරුවකු මගින් අසන්නට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තම දේවියට පුතකු උපන් බව ඇසීම සතුට ගෙනදෙන්නක් වූ බැවිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාහුල කුමාරයාට අනාගතයේ බන්ධන ඇතිවන බැවිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උපන් කුමාරයාට රාහුල යන නම තැබිය යුතු වූ බැවිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගිහිගෙයින් නික්ම පැවදිවීමට බාධාවක් වන බැවිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"'අනුන් මාගේ, ධර්මයේ හෝ සංඝයාගේ අගුණ හෝ ගුණ කියතොත් ඉන් අසතුටට හෝ ප්‍රීතියට පත් නොවිය යුතු ය.' බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළේ එක්තරා පරිබ්‍රාජකයකුගේ හා ඔහුගේ අන්තේවාසිකයාගේ කතාබහක් නිසා ය. ඒ දෙදෙනාගේ නම් ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"'අනුන් මාගේ, ධර්මයේ හෝ සංඝයාගේ අගුණ හෝ ගුණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුප්පිය හා සෝණදණ්ඩ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බ්‍රහ්මදත්ත හා සුප්‍රබුද්ධ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුප්පිය හා බ්‍රහ්මදත්ත","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුප්පිය හා තෝදෙය්‍ය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාව අගය කරන බවත්, තම අසපුවට උන්වහන්සේ වඩින නිසා නිශ්ශබ්දතාව ආරක්ෂා කරන ලෙසත් තම සිසුනට දන්වනු ලැබූයේ,","QuestionShortText":"බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාව අගය කරන බවත්, තම අසපුවට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උපක ආජිවකයා විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංජය පිරිවැජියා විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චංකී බ්‍රාහ්මණයා විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොට්ඨපාද පිරිවැජියා විසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය හා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ස්ථාන දැක්වෙන වරණය කුමක් ද?","QuestionShortText":"සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය හා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිග්‍රෝධ උයන හා කලන්දක නිවාප","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලුම්බිණි සල් උයන හා උපවත්තන සල් උයන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජීවක අඹ උයන හා සප්තපර්ණී ගුහාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලුම්බිණි සල් උයන හා ඉසිපතන මිගදාය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයෙහි වැඩ වසමින් වඳුරකුගේ හා ඇතකුගේ උවටැන් ලබමින් ගත කළේ කිනම් වස්කාලය ද?","QuestionShortText":"බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයෙහි වැඩ වසමින් වඳුරකුගේ හා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පස්වන වස්කාලයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හයවන වස්කාලයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අටවන වස්කාලයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දහවන වස්කාලයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේගේ වර්ණනාවට භාජනය වූ උදේන, ගෝතමක, සත්තම්බක, සාරන්දද ආදී රමණීය චෛත්‍ය ස්ථාන පිහිටියේ,","QuestionShortText":"බුදුරජාණන් වහන්සේගේ වර්ණනාවට භාජනය වූ උදේන, ගෝතමක, සත්තම්බක,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විශාලා මහනුවරයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රජගහ නුවරයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කිඹුල්වත් නුවරයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උදේනි නුවරයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"සුදත්ත හෙවත් අනේපිඬු සිටුතුමාට බුදුරජාණන් වහන්සේ පළමුවරට මුණ ගැසුනේ උන්වහන්සේ,","QuestionShortText":"සුදත්ත හෙවත් අනේපිඬු සිටුතුමාට බුදුරජාණන් වහන්සේ පළමුවරට මුණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉසිපතන මිගදායේ වැඩසිටියදී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනෝමා නදී තීරයේ අනුපිය අඹ වනයේ වැඩසිටියදී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රජගහනුවර සීත වනයේ වැඩසිටියදී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ වැඩසිටියදී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"පුද්ගලයාට වැළඳෙන විවිධාකාර රෝගාබාධ හා ඒ සඳහා හේතුවන කරුණු පිළිබඳ පෙන්වාදෙමින් දේශනා කළ සුත්‍ර ධර්මය වන්නේ,","QuestionShortText":"පුද්ගලයාට වැළඳෙන විවිධාකාර රෝගාබාධ හා ඒ සඳහා හේතුවන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉසිගිලි සුත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගිරිමානන්ද සුත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චුන්ද සුත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහාසමය සුත්‍රයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පරිදි, බඹරා මල නොතලා රොන් ගන්නාක් මෙන් භික්ෂූන් වහන්සේ ද සමාජයට බරක් නොවන ආකාරයෙන් සැදැහැවතුන්ගෙන්,","QuestionShortText":"බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පරිදි, බඹරා මල නොතලා රොන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පින් ලබාගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිව්පසය ලබාගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගරු සම්මාන ලබාගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මිල මුදල් ලබාගත යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා දස පාරමිතා තුන් ආකාරයකින් සම්පූර්ණ කිරීමෙන් පාරමිතා ධර්ම තිහක් බවට පත් වේ. එම තුන් ආකාරය,","QuestionShortText":"සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා දස පාරමිතා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දාන, සීල, භාවනා නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්මා සම්බුද්ධ, පච්චෙක බුද්ධ, අරහන්ත බුද්ධ නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සීල සමාධි ප්‍රඥා නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"තණ්හා මාන මිථ්‍යාදෘෂ්ටියෙන් තොරව, කරුණා ප්‍රඥාවෙන් යුතුව, කය වචන දෙකෙහි සංවර බව ඇතිකර ගනිමින් සම්පූර්ණ කරන පාරමිතාව හඳුන්වනුයේ,","QuestionShortText":"තණ්හා මාන මිථ්‍යාදෘෂ්ටියෙන් තොරව, කරුණා ප්‍රඥාවෙන් යුතුව, කය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීල පාරමිතාව නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සච්ච පාරමිතාව නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඛන්ති පාරමිතාව නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නෙක්ඛම්ම පාරමිතාව නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"සිදුහත් බෝසතාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය ප්‍රකට වන ජාතක කථාව කුමක් ද?","QuestionShortText":"සිදුහත් බෝසතාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මඝමානවක ජාතකය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලෝමහංස ජාතකය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උම්මග්ග ජාතකය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වට්ටක ජාතකය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"ධර්ම රත්නයේ ගුණ අතර 'තමා විසින්ම පිළිපැද, මෙලොවදීම ප්‍රතිඵල දැකගත හැකිවීමේ ගුණය' හැඳින්වෙන්නේ,","QuestionShortText":"ධර්ම රත්නයේ ගුණ අතර 'තමා විසින්ම පිළිපැද, මෙලොවදීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සන්දිට්ඨික නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අකාලික නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඒහිපස්සික නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඕපනයික නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":16,"QuestionFullText":"පටිච්ච සමූප්පාද න්‍යායට අනුව 'හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ඣති' යන්නෙන් අදහස් කරන ලද්දේ,","QuestionShortText":"පටිච්ච සමූප්පාද න්‍යායට අනුව 'හේතුං පටිච්ච සම්භූතං හේතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඕනෑම දෙයක් ඇතිවීමට කිසියම් හේතුවක් බලපාන බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හේතු සොයා බලා ඒවාට ප්‍රතිකර්ම කළ යුතු බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හේතු නැතිවන විට, ඒ හේතු නිසා හටගත් ඵල ද නැතිව යන බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හේතුවක් කරණකොට උපන් සියල්ල විනාශවන බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"'මහණෙනි දුප්පතුන්ට ධනය නූපදනා කළ දිළිඳුකම වැඩි වේ.' යනාදී වශයෙන් හේතුඵල දහම අනුව සමාජ ගැටලු ඇතිවන ආකාරය පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍ර ධර්මය කුමක් ද?","QuestionShortText":"'මහණෙනි දුප්පතුන්ට ධනය නූපදනා කළ දිළිඳුකම වැඩි වේ.'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාමඤ්ඤඵල සූත්‍රය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චක්කවත්ති සීහනාද සූත්‍රය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බ්‍රහ්මජාල සූත්‍රය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කසී භාරද්වාජ සූත්‍රය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"බෞද්ධ ඉගැන්වීම අනුව සත්ත්වයා හා ලෝකය යනු ස්කන්ධ ධර්ම පහක එකතුවකි. එම ස්කන්ධ ධර්ම පහ,","QuestionShortText":"බෞද්ධ ඉගැන්වීම අනුව සත්ත්වයා හා ලෝකය යනු ස්කන්ධ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රූප, වේදනා, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රූප, වේදනා, තණ්හා, උපාදාන, භව නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"පහත සඳහන් සූත්‍ර අතුරෙන් කුසලාකුසල කර්ම හා කර්ම විපාක පිළිබඳව මනාව විස්තර කර දෙන සූත්‍ර ධර්මය වන්නේ,","QuestionShortText":"පහත සඳහන් සූත්‍ර අතුරෙන් කුසලාකුසල කර්ම හා කර්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනත්ත ලක්ඛණ සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරාභව සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චුල්ල කම්මවිභංග සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහා මංගල සූත්‍රයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍ය පුත්‍ර සුභ මානවකයාට දේශනා කළ පරිදි, යමෙකු දුර්වර්ණව උපත ලැබීම සඳහා ඉවහල් වන ක්‍රියාව වන්නේ,","QuestionShortText":"බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍ය පුත්‍ර සුභ මානවකයාට දේශනා කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාණඝාතයෙහි නිරත වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ද්වේශයෙන් කටයුතු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තමා සතු කිසිවක් අන් අයට නොදීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන් සැපතට ඊර්ෂ්‍යා කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":21,"QuestionFullText":"'සිතින් දැඩිව අල්ලා ගැනීම හේතුකොට ගෙන නැවත නැවත භවයට එකතු වේ' යන්න සඳහන් අනුලෝම පටිච්චසමුප්පාද පාඨය කුමක් ද?","QuestionShortText":"'සිතින් දැඩිව අල්ලා ගැනීම හේතුකොට ගෙන නැවත නැවත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'සංඛාර පච්චයා විඤ්ඤාණං'","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'ඵස්ස පච්චයා වේදනා'","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'උපාදාන පච්චයා භවෝ '","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'භව පච්චයා ජාති'","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"පංච නීවරණ ධර්ම අතරට අයත් 'සිතෙහි නොසන්සුන්කම හා කළ නොකළ දේ පිළිබඳ සිතෙහි අතිවන පසුතැවිල්ල' හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"පංච නීවරණ ධර්ම අතරට අයත් 'සිතෙහි නොසන්සුන්කම හා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාද නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ථීනමිද්ධ නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උද්ධච්ච කුක්කුච්ච නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විචිකිච්ඡා නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"යහපතට යෙදූ විට මව්පියන් කරන යහපතට වඩා යහපතක් සිදු කරන්නා වූත්, අයහපතට යෙදූ විට සතුරකු කරන අයහපතට වඩා අයහපතක් සිදු කරන්නා වූත් එකම සාධකය ලෙස බුදුදහමෙහි පෙන්වා දෙනු ලබන්නේ,","QuestionShortText":"යහපතට යෙදූ විට මව්පියන් කරන යහපතට වඩා යහපතක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සිතයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වචනයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වේදනාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"බුදුදහමෙහි විස්තර වන පංච බලි සංකල්පයෙහි එන 'පුබ්බපේත බලි' යන්නෙහි අර්ථය වන්නේ,","QuestionShortText":"බුදුදහමෙහි විස්තර වන පංච බලි සංකල්පයෙහි එන 'පුබ්බපේත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඥාතීන්ට සංග්‍රහ කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආගන්තුකයින්ට සංග්‍රහ කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මියගිය ඥාතීන්ට පින් දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙවියන්ට පින් අනුමෝදන් කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"කරුණු නොදැන පදනමකින් තොරව ඇති කරගත් ශ්‍රද්ධාව, ධර්මයෙහි හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"කරුණු නොදැන පදනමකින් තොරව ඇති කරගත් ශ්‍රද්ධාව, ධර්මයෙහි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අමූලිකා සද්ධා නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආකාරවතී සද්ධා නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අචල සද්ධා නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවෙච්චප්පසාද සද්ධා නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"පුද්ගලයකුගේ ප්‍රතිසන්ධිය ලබාදීමට ඉවහල්වන කර්මය හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"පුද්ගලයකුගේ ප්‍රතිසන්ධිය ලබාදීමට ඉවහල්වන කර්මය හඳුන්වනු ලබන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනක කර්ම නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපත්ථම්භක කර්ම නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උපපීඩක කර්ම නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උපඝාතක කර්ම නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළ ප්‍රථම උදාන වාක්‍යයෙන්, දුක් සහිත පංචස්කන්ධය නමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගය ලෙස හඳුන්වා ඇත්තේ,","QuestionShortText":"බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළ ප්‍රථම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවිද්‍යාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වේදනාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තෘෂ්ණාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විඤ්ඤාණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිශික්ෂාවට බෙදා දැක්වීමේදී සීලය යටතට අයත් මාර්ග අංග ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිශික්ෂාවට බෙදා දැක්වීමේදී සීලය යටතට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට දේශනා කළ 'පත්තකම්ම සූත්‍රයේ' ධනය හෙවත් භෝග සම්පත් මනාව පරිහරණය කිරීමට උපදෙස් ලබා දී ඇත. එහි දැක්වෙන කරුණු අතරට අයත් නොවන කරුණ කුමක් ද?","QuestionShortText":"බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට දේශනා කළ 'පත්තකම්ම සූත්‍රයේ'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආත්මාර්ථය සඳහාම ධනය ඉපයිය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ධාර්මිකව උපයාගත් ධනය මනාව ආරක්ෂා කරගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පංච බලි නම් යුතුකම් පහක් ඉටු කළ යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහණ බමුණන්ට සංග්‍රහ කිරීම සඳහා වැය කළ යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":30,"QuestionFullText":"'අසවලා මට බැන්නේ ය. මට පහර දුන්නේ ය. මා පැරද වූයේ ය.' යනාදී වශයෙන් වෛර බඳින්නාගේ වෛරය නොසන්සිඳෙන බව අවධාරණය කරමින් දේශනා කළ ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,","QuestionShortText":"'අසවලා මට බැන්නේ ය. මට පහර දුන්නේ ය.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'අක්කොච්ඡි මං අවධි මං - අජිනි මං අහාසි මේ' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'සුකරානි අසාධූනී - අත්තනෝ අහිතානි ව' යන්නයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"පාලකයකු විවිධ අදහස් හා මතවාද දරන පිරිස් සමග මධ්‍යස්ථව හා ගැටුමකින් තොරව කටයුතු කිරීම දස රාජධර්ම වල හැඳින්වෙන්නේ,","QuestionShortText":"පාලකයකු විවිධ අදහස් හා මතවාද දරන පිරිස් සමග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෘදු බව යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අක්‍රෝධය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉවසීම යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවිරෝධතාව යනුවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"රාජ්‍ය පාලකයකු සම්බන්ධව සැලකීමේදී යුක්තිය-අයුක්තිය, හොඳ-නරක තෝරා බේරා ගැනීමට නොහැකිව මුලා වී අගතිගාමී වීම හඳුන්වන්නේ,","QuestionShortText":"රාජ්‍ය පාලකයකු සම්බන්ධව සැලකීමේදී යුක්තිය-අයුක්තිය, හොඳ-නරක තෝරා බේරා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඡන්දය ලෙසයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ද්වේශය ලෙසයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භය ලෙසයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෝහය ලෙසයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"අලුවිහාර සංගීතිය හෙවත් සිව්වන ථේරවාදී සංගායනාව පැවැත්වීමට තුඩුදුන් හේතු අතරට අයත් නොවන කරුණ කුමක් ද?","QuestionShortText":"අලුවිහාර සංගීතිය හෙවත් සිව්වන ථේරවාදී සංගායනාව පැවැත්වීමට තුඩුදුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වලගම්බා රාජ්‍ය සමයේ ඇති වූ බැමිණිතියා සාගතය නිසා භික්ෂූන්ට ප්‍රත්‍ය පහසුව නොලැබීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහා විහාරීය භික්ෂූන් වහන්සේලාට රාජානුග්‍රහය නොමදව ලැබීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් සිහසුනට එල්ල වූ බලපෑම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලක්දිව ඇතැම් භික්ෂූන් ශාසනික පිළිවෙත් වලින් ඈත් වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"'ඇවැත්නි, ශෝක නොකරව්. නොවැලපෙව්. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මැනවින් මිදුණෝ වෙමු.' යන ප්‍රකාශය කරනු ලැබූයේ,","QuestionShortText":"'ඇවැත්නි, ශෝක නොකරව්. නොවැලපෙව්. අපි ඒ මහා ශ්‍රමණයාගෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුදින්න භික්ෂුව විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේවදත්ත භික්ෂුව විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඡබ්බග්ගිය භික්ෂූන් විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුභද්‍ර භික්ෂුව විසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"පළමු ධර්ම සංගායනාවෙන් පසු සසුනේ සුරක්ෂිත බව ඇති කරලීම සඳහා ධර්ම කොටස් මුඛ පරම්පරාගතව රැගෙන යාමට භාණක පරම්පරාවන්ට භාර කෙරුණි. ඒ අනුව දීඝ නිකාය භාර දෙනු ලැබුවේ,","QuestionShortText":"පළමු ධර්ම සංගායනාවෙන් පසු සසුනේ සුරක්ෂිත බව ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආනන්ද තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුරුද්ධ තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහා කාශ්‍යප තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන කරුණ කුමක් ද?","QuestionShortText":"දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන කරුණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දස වස්තුව අකැප බව තීරණය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අටලොස් නිකායක් දක්වා ශාසනය බෙදීයාමට මූලබීජ සැපයීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භික්ෂු පිරිස ස්ථවිරවාද හා මහාසාංඝික ලෙස බෙදීයාම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විසිරී පැවති ධර්මය ඒකරාශී කොට නිකාය පහකට බෙදීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"ගර්භයේ හැඩය නෙල්ලි ගෙඩියක ස්වරූපයෙන් ගොඩනංවන ලද ස්තූප හැඳින්වෙන්නේ,","QuestionShortText":"ගර්භයේ හැඩය නෙල්ලි ගෙඩියක ස්වරූපයෙන් ගොඩනංවන ලද ස්තූප","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඝණ්ඨාකාර ස්තූප ලෙසයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඝටාකාර ස්තූප ලෙසයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පද්මාකාර ස්තූප ලෙසයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආමලකාකාර ස්තූප ලෙසයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":38,"QuestionFullText":"බෝධි වෘක්ෂයේ ආරක්ෂාවට නිමකර ඇති පියස්සක් සහිත මණ්ඩපය බෝධිඝරය ලෙස හඳුන්වන අතර දැනට කලාත්මක බවින් උසස් බෝධිඝරයක් හමුවී ඇත්තේ,","QuestionShortText":"බෝධි වෘක්ෂයේ ආරක්ෂාවට නිමකර ඇති පියස්සක් සහිත මණ්ඩපය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වැල්ලවාය බුදුරුවගලිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොළොන්නරුවේ ගල් විහාරයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මාතලේ ආලෝක විහාරයෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"ආබද්ධ හිටි පිළිමයක් සඳහා නිදසුනක් ලෙස දැක්විය හැක්කේ,","QuestionShortText":"ආබද්ධ හිටි පිළිමයක් සඳහා නිදසුනක් ලෙස දැක්විය හැක්කේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවුකන බුද්ධ ප්‍රතිමාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාලිගාවිල බුද්ධ ප්‍රතිමාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තොළුවිල සමාධි බුද්ධ ප්‍රතිමාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තන්තිරිමලේ බුද්ධ ප්‍රතිමාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"පාලි භාෂාව නොදත් සාමාන්‍ය ජනතාවට උපදේශ සැපයීම සඳහා වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත කවි බණපොත කුමක් ද?","QuestionShortText":"පාලි භාෂාව නොදත් සාමාන්‍ය ජනතාවට උපදේශ සැපයීම සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාව්‍යශේකරය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලෝවැඩ සඟරාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලෝකෝපකාරය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුභාෂිතය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}