{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ඇදහිල්ලේ පියා ලෙස බයිබලයේ සඳහන් වන්නේ කවුද?","QuestionShortText":"ඇදහිල්ලේ පියා ලෙස බයිබලයේ සඳහන් වන්නේ කවුද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෝසස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආබ්‍රහම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එලියා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දාවිත්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"ජාති, ආගම් හෝ කුලභේද නොතකා අවශ්‍යතාව ඇති කෙනෙකුට පිහිටවීමේ වැදගත්කම ඉදිරිපත් කෙරෙන උපමා කථාව වන්නේ කුමක් ද?","QuestionShortText":"ජාති, ආගම් හෝ කුලභේද නොතකා අවශ්‍යතාව ඇති කෙනෙකුට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසියා සහ අයකැමියා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නැතු වූ බැටළුවා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යහපත් සමාරිතයා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අකීකරු පුත්‍රයා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"ලාදුරු රෝගීන් දස දෙනෙකු සුව කිරීමේ සිද්ධිය මගින් අප ලබන අනුශාසනාව කුමක් ද?","QuestionShortText":"ලාදුරු රෝගීන් දස දෙනෙකු සුව කිරීමේ සිද්ධිය මගින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රෝගී අවස්ථාවේ දෙවියන්ට කියා පෑම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අපගේ සියලු අවශ්‍යතා යාච්ඤාවෙන් පමණක් ලබා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යාච්ඤාව මගින් පමණක් සුවය ලැබෙන බව ඒත්තු ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවශ්‍යතා සහ සුවය ලැබූ විට දෙවියන්ට ස්තූති දීමේ වැදගත්කම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"දෙවියන් වහන්සේට අයත් වූවන් ලෙස පිළිගැනීමට ජුදෙව්වන් ක්‍රියාත්මක කළ චාරිත්‍රය වන්නේ,","QuestionShortText":"දෙවියන් වහන්සේට අයත් වූවන් ලෙස පිළිගැනීමට ජුදෙව්වන් ක්‍රියාත්මක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චර්ම ඡේදනය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කැපකිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෞතිස්ම කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වයස අවු.12 දී දේව මාළිගයට ගෙන යෑමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"මෙසියස් තුමාගේ පැමිණීම කලින් දැනුම්දීමට දෙවියන් වහන්සේ ක්‍රියා කළේ කවුරුන් මගින් ද?","QuestionShortText":"මෙසියස් තුමාගේ පැමිණීම කලින් දැනුම්දීමට දෙවියන් වහන්සේ ක්‍රියා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රජවරු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිවැසිවරු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පූජකවරු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලෙවීවරු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"ස්නාවක ජොහන්ගේ උපත නිමිත්තෙන් ඔහුගේ දෙමාපියන්ට අවධාරණය වූයේ කුමක් ද?","QuestionShortText":"ස්නාවක ජොහන්ගේ උපත නිමිත්තෙන් ඔහුගේ දෙමාපියන්ට අවධාරණය වූයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අත්හැර නොදැමීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසල්වැසියන්ට සවන් දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැත යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉතා සරල ජීවිතයක් ගත කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"සිමියොන්ගේ ප්‍රශංසාවෙන් අපට වැටහෙන්නේ,","QuestionShortText":"සිමියොන්ගේ ප්‍රශංසාවෙන් අපට වැටහෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජුදා දේශයේ සැමගේ මහිමය මෙසියස් මගින් බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මේසියානු උපතට වැඩිහිටියන් දායක වූ බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චාරිත්‍ර නිසි ලෙස පවත්වාගෙන යා යුතු බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙසියස් වහන්සේගේ ගැළවීම විශේෂ කොටසකට සීමා නොවන බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"කොබෙයියන් දෙදෙනෙක් ඔප්පු කිරීම මගින් මරියතුමියගේ කෙබඳු පසුබිමක් අපට අනාවරණය කෙරේ ද?","QuestionShortText":"කොබෙයියන් දෙදෙනෙක් ඔප්පු කිරීම මගින් මරියතුමියගේ කෙබඳු පසුබිමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එතුමිය ජුදා චාරිත්‍ර අනුගමනය කරන්නියක් වූ බව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඇය දිළිඳු තැනැත්තියක් වූ බව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිය පුතුණුවන් ගලවා ගැනීමේ ප්‍රයත්නයක් දැරූ බව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙහි සඳහන් සියලු ලක්ෂණ ඇය සතු වූ බව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"ස්නාවක ජොහාන් ඉදිරිපත් කළ හෙරොද් රජුගේ පාපය ලෙස දැක්වෙන්නේ කුමක් ද?","QuestionShortText":"ස්නාවක ජොහාන් ඉදිරිපත් කළ හෙරොද් රජුගේ පාපය ලෙස","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඊජිප්තුව යටත් කරගැනීමේ ප්‍රයත්නය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔහුගේ සොහොයුරාගේ බිරිඳ විවාහ කර ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෙත්ශීබා විවාහ කර ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන්‍ය ජාතික කාන්තාවක් විවාහ කර ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"නාසරත් ප්‍රකාශනයේ දැක්වෙන දේව රාජ්‍ය පිළිබඳ වැදගත්ම ගුණාංගය වන්නේ,","QuestionShortText":"නාසරත් ප්‍රකාශනයේ දැක්වෙන දේව රාජ්‍ය පිළිබඳ වැදගත්ම ගුණාංගය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යුක්තිය සහ ධර්මිෂ්ඨකමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුව කිරීම සහ රැකබලා ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධර්මිෂ්ඨකම සහ සානුකම්පාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යුක්තිය සහ සුව කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":11,"QuestionFullText":"මහලේ රෝගයෙන් පෙළුන ස්ත්‍රිය සුවපත් වීමේ සිද්ධියෙන් අපට උගන්වන ප්‍රායෝගික පාඩම කුමක් ද?","QuestionShortText":"මහලේ රෝගයෙන් පෙළුන ස්ත්‍රිය සුවපත් වීමේ සිද්ධියෙන් අපට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාමාන්‍ය අසනීපයෙන් පෙළෙන අය වෙනුවෙන් සේවය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කීර්තියට කැළලක් වන රෝගීන් අතර සේවයේ යෙදීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෝවන රෝග ඇති අය මධ්‍යයේ සේවය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අසාධ්‍ය රෝග ඇති අය අතර සේවයේ යෙදීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"පහත සඳහන් ඒවා අතුරින් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ වූ ජුදෙව් ආගමික නායකත්වය විරෝධය පළ කිරීමට හේතු මොනවා ද?

A - යුක්තිය හා සාධාරණත්වය මත පිහිටා නීතිය අර්ථකථනය කළ නිසා ය.
B - දේව මාලිගයේ නායකයින් අතර ජේසුස් වහන්සේගේ ජනප්‍රියභාවය පැතිරීම නිසා ය.
C - ජුදෙව් නායකත්වයට ජේසුස් වහන්සේ අයත් නොවූ නිසා ය.
D - දේශපාලන වරප්‍රසාද අත්කර ගැනීමේ ඔවුන්ගේ අදහස් අනාවරණය වූ නිසා ය.","QuestionShortText":"පහත සඳහන් ඒවා අතුරින් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"ජේසුස් වහන්සේ කුරුසිපත් වීමට වරදකරු ලෙස තීරණය වීම, අද සමාජයේ හා ලොවෙහි සංස්ථා මගින් පිළිබිඹු වන්නේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ කුරුසිපත් වීමට වරදකරු ලෙස තීරණය වීම,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිදොස් අය වරදකරුවන් බවට පත්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වරදකරුවන් නිදහස් වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අයුක්තිය නිසා වරදකරුවන් නිදහස් වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිදොස් අහිංසකයන් වරදකරුවන් බවට පත්වන අතර වරදකරුවන් නිදහස් වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"පැල්පත් වාසීන් නගා සිටුවීමේ ප්‍රයත්නයක යෙදුනේ,","QuestionShortText":"පැල්පත් වාසීන් නගා සිටුවීමේ ප්‍රයත්නයක යෙදුනේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේවගැති චන්ද්‍රා ප්‍රනාන්දු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේවගැති තිස්ස බාලසූරියයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේවගැති මයිකල් රොඩ්රිගෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේවගැති පීටර් ජෙරාඩ් ද සිල්වා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"ජේසුස් වහන්සේ මෙසියස් තුමා ලෙස පිළිගැනීමට ජුදෙව්වන්ට බාධාවක් වූයේ එතුමා","QuestionShortText":"ජේසුස් වහන්සේ මෙසියස් තුමා ලෙස පිළිගැනීමට ජුදෙව්වන්ට බාධාවක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිවැසිවරයෙක් ලෙස සැලකීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගව ලෙනක ඉපදීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රජ කෙනෙකු ලෙස අනන්‍යතාව දැක්වීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කන්‍යාවක තුළින් බිහිවීම නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"පහත සඳහන් ඒවා අතුරින් මරියතුමී සහ එලිසබත්ගේ චරිත මගින් දෙවියන් වහන්සේ අපට ඉදිරිපත් කරන ඉගැන්වීම් මොනවා ද?

A - වයස හා කාලය දේව සැලැස්මට බාධාවක් නොවන බව ය.
B - දේව සැලැස්ම වයස් ගත් වූවන් මගින් එළිදරව් කිරීම ය.
C - දේව සැලැස්ම නිතරම දේව දූත පණිවුඩයක් මගින් අනාවරණය කිරීම ය.
D - දේව සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ද සහභාගි කරගන්නා බව ය.","QuestionShortText":"පහත සඳහන් ඒවා අතුරින් මරියතුමී සහ එලිසබත්ගේ චරිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"දේව රාජ්‍යයේ පුරවැසියෙක් ලෙස ඔබ නායකත්වය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද?","QuestionShortText":"දේව රාජ්‍යයේ පුරවැසියෙක් ලෙස ඔබ නායකත්වය ක්‍රියාත්මක කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සේවය ලැබීමට නොව සේවය කිරීම සඳහායි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තමාට සේවයක් කරගන්නා අතර අන්‍යයන්ට ද සේවය කිරීමටයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තමාට සේවයක් ලබා ගන්නා බලාපොරොත්තුවෙන් අන් අයට සේවය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෙසු නායකයන්ට සේවය කරන අතර තමාට ද සේවය කර ගැනීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"ආලේප ලත් රජෙක් පාලනය කළ යුත්තේ,","QuestionShortText":"ආලේප ලත් රජෙක් පාලනය කළ යුත්තේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධනවතුන් සඳහා ප්‍රේමයෙන් හා යුක්තිය ඉටුකිරීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රේමය, යුක්තිය සහ ධර්මිෂ්ඨකමින් පාලනය ගෙන යෑමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිය මිතුරන් උදෙසා ප්‍රේමයෙන් සහ යුක්තියෙන් පාලනය කිරීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිය පවුල සඳහා ප්‍රේමය හා යුක්තිය ඉටුකිරීමෙන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"මෙසියස්තුමාගෙන් අපට ලැබෙන්නේ,","QuestionShortText":"මෙසියස්තුමාගෙන් අපට ලැබෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිපූර්ණ ජීවිතයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සෞභාග්‍යමත් ජීවිතයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුවය සහ සනීපය ඇති ජීවිතයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අප අවට සිටින අය සමග ජීවිතයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"පාසලේ සෙසු ශිෂ්‍යයන් සමග යහපත් එඬේරෙකු ලෙස ඔබ ක්‍රියා කරන්නේ කෙසේ ද?","QuestionShortText":"පාසලේ සෙසු ශිෂ්‍යයන් සමග යහපත් එඬේරෙකු ලෙස ඔබ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විදුහල්පතිතුමා ඔබ පිළිබඳ දැනගන්නා ලෙස ක්‍රියා කිරීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තමා නායකත්වයේ සිටින ලෙස ක්‍රියා කිරීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන් අය තමා කෙරෙහි පිළිගැනීමෙන් සිටින ලෙසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිසිවෙක් අත් නොහැර සියලු දෙනා රැකබලා ගැනීමෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":21,"QuestionFullText":"ආදායමක් නොමැතිව ජීවිත අරගලයක සිටින පුද්ගලයෙකු සඳහා ප්‍රේමය දැක්වීමේ සුදුසුම ක්‍රියාවලිය වන්නේ,","QuestionShortText":"ආදායමක් නොමැතිව ජීවිත අරගලයක සිටින පුද්ගලයෙකු සඳහා ප්‍රේමය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තම මුදලින් ඔහුට සහාය වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජ ආධාර සමිතියකට බැඳීමට සහාය දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුදල් උපයා ගත හැකි නිසි මගක් සලසා දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මිතුරන් අතර ඔහුගේ තත්ත්වය කියා පෑමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"අවිනිශ්චිත භාවයෙන් පෙළෙන ජනතාව අතර කිතුනුවකු ලෙස වගකීමේ ක්‍රියාමාර්ගය විය යුත්තේ,","QuestionShortText":"අවිනිශ්චිත භාවයෙන් පෙළෙන ජනතාව අතර කිතුනුවකු ලෙස වගකීමේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බලාපොරොත්තුව ඇතිකර ගැනීමට දිරි දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසුබවාදීභාවය ව්‍යාප්ත කරගැනීමට දිරි ගැන්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිර්බාධක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේශපාලන පිහිට සෙවීමට අනුබල දීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"'සභාව' යන්නෙන් ඔබ වටහා ගන්නේ කුමක් ද?","QuestionShortText":"'සභාව' යන්නෙන් ඔබ වටහා ගන්නේ කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සභා සංවිධානයක් බව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සභා කවුන්සිලයක් බව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය බව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පූජකවරුන්ගේ එකතුවක් බව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"පහත සඳහන් ඒවා අතුරින් පීඩිතවූවන් සහ සමාජයේ කොන්වූවන් උදෙසා කිතුනුවන් ලෙස ගතහැකි ක්‍රියාමාර්ග වන්නේ මොනවා ද?

A - නීති ආධාර දෙන මධ්‍යස්ථාන පිහිටුවීමයි.
B - ඔවුන්ගේ අවශ්‍ය කාර්යයන් සපුරාලන අන්තර් ආගමික ජාලයක් පිහිටුවීමයි.
C - දේවස්ථාන ඉදි කිරීමයි.
D - ඔවුන් අවමානයට ලක් කෙරෙන කණ්ඩායම් බිහි කිරීමයි.","QuestionShortText":"පහත සඳහන් ඒවා අතුරින් පීඩිතවූවන් සහ සමාජයේ කොන්වූවන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":25,"QuestionFullText":"\"මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි. මැය ආබ්‍රහම්ගේ දියණියකි.\" මෙලෙස ජේසුස් වහන්සේ පැවසුවේ පහත සඳහන් කුමන දෙදෙනා පිළිබඳව ද?","QuestionShortText":"\"මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි. මැය ආබ්‍රහම්ගේ දියණියකි.\" මෙලෙස ජේසුස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෝසප් සහ මරියතුමිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිමියොන් සහ අන්නා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාකෙවුස් සහ කුදු ස්ත්‍රිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරිසියා සහ පව්කාර ස්ත්‍රිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"පහත සඳහන් ඒවා අතුරින් අන්‍ය ජාතීන් අතර දහම් සේවයේදී පාවුල්ට පිටිවහලක් වූ පසුබිම් සාධක වූයේ මොනවා ද?

A - වාණිජ මධ්‍යස්ථානයක් වූ තාර්සස්හි ඉපදීමයි.
B - සිනගෝග වලින් ලැබූ දැනුමයි.
C - ජුදෙව් නීතිය පිළිබඳ දැනුමයි.
D - තර්සස්හි විවිධ ජාතින්, භාෂා හා සංස්කෘතීන්ගේ ආභාෂය ලැබීමයි.","QuestionShortText":"පහත සඳහන් ඒවා අතුරින් අන්‍ය ජාතීන් අතර දහම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"නිකදෙමුස් රාත්‍රි කාලයේ ජේසුස් වහන්සේ හමුවීමට ගියේ","QuestionShortText":"නිකදෙමුස් රාත්‍රි කාලයේ ජේසුස් වහන්සේ හමුවීමට ගියේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තමා අයත් සෙසු පරිසි කණ්ඩායම පිළිබඳ තිබූ බිය නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අධ්‍යාත්මික ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වෙතින් හෝ ආබ්‍රහම් ගෙන් වැඩම කළ බව සෙවීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගුරුවරයෙක් ලෙස තම ඉගැන්වීම් වලට සහය ලබා ගැනීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"දුක් විඳින සේවකයාණෝ ආදර්ශයට ගන්නා කිතුනු අප කළ යුත්තේ","QuestionShortText":"දුක් විඳින සේවකයාණෝ ආදර්ශයට ගන්නා කිතුනු අප කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තම ජීවිත රැක ගැනීමේ ප්‍රයත්නයක යෙදීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුක් විඳීම හා පූජා වීම අන්අයගෙන් බලාපොරොත්තු වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලෝකයෙන් පැමිණෙන පීඩා හා කරදර මගහැරීමට ක්‍රියාකිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දුක් හා පීඩා මධ්‍යයේ ඇදහිල්ලෙන් හා ධෛර්යයෙන් ක්‍රියාකිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"\"ජීවමාන තැනන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන්ද?\" මෙම ප්‍රකාශයෙන් කිතුනු අප ලබන පණිවිඩය වන්නේ,","QuestionShortText":"\"ජීවමාන තැනන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන්ද?\" මෙම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සොහොන වෙත ගිය කාන්තාවන් මෙන් සතියේ පළමු දා දේවස්ථානයට යෑමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජේසුස් වහන්සේ ජීවමානව අප අතර වැඩ වසන බව ඒත්තු ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේව දූතයන් නිතර මෙබඳු පණිවුඩ ගෙන දෙන බව තේරුම් ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සොහොන මෙන් අපගේ සිත් හිස් බව වටහා ගැනීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"ගෙත්සෙමන උයනේ ජේසුස් වහන්සේගේ යාච්ඤාවක් නොවන්නේ මින් කුමක් ද?","QuestionShortText":"ගෙත්සෙමන උයනේ ජේසුස් වහන්සේගේ යාච්ඤාවක් නොවන්නේ මින් කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"\"ඔබ උදෙසා දෙන ලද මාගේ ශරීරය මේ ය.\"","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"\"මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා.\"","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"\"මෙම කුසලාන මාගෙන් පහ කළ මැනව.\"","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"\"පරික්ෂාවට නොවැටෙන පිණිස යාච්ඤා කරන්න.\"","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"'ක්‍රිස්තියානි' යන නම මුලින්ම දෙනු ලැබුයේ,","QuestionShortText":"'ක්‍රිස්තියානි' යන නම මුලින්ම දෙනු ලැබුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෙරුසෙලමේ දේව මාළිගාවේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නාසරත්හි සිනගෝගයේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිරියාවේ අන්තියෝකයේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිලිසියාවේ තාර්සස්හිදී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත සඳහන් වගුව සලකා බලන්න.

එම ප්‍රතිචාර අතුරින් වඩාත් නිවැරදි කිතුනු ප්‍රතිචාර අඩංගු පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් වගුව සලකා බලන්න. එම ප්‍රතිචාර","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52843149862_3bec442dc0_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"පාසල් කිතුනු ශිෂ්‍යයෙකු වශයෙන් ඔබේ ප්‍රධානතම වගකීම විය යුත්තේ,","QuestionShortText":"පාසල් කිතුනු ශිෂ්‍යයෙකු වශයෙන් ඔබේ ප්‍රධානතම වගකීම විය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කිතු දහමෙහි විශේෂත්වය පිළිබඳ කියා පෑමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිතුනු ආකල්ප හා අගයයන් අනුව සාක්ෂි දැරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තම හැකියාවන් උපරිම ලෙස වර්ධනය කර ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන් සිසුන්ගේ ක්‍රියාකාරකම් විවේචනාත්මකව සොයා බැලීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"ආමෝස් සහ මීකා දිවැසිවරු දෙදෙනාගේ ක්‍රියාකාරකම් මගින් වර්තමානයේ අප ලබන පන්නරය විය යුත්තේ මොනවාදැයි දැක්වෙන පිළිතුර තෝරන්න.

A - ජනතාව අතර චාරිත්‍ර වර්ධනය කිරීමයි.
B - සමාජ සාධාරණත්වය උදෙසා විශේෂයෙන් ක්‍රියාකිරීමයි.
C - ඉරු දින පිවිතුරු දිවියක් ගෙවීමේ වැදගත්කම දැක්වීමයි.
D - සාමය උදෙසා කැප වී ක්‍රියාකිරීමේ වැදගත්කමයි.","QuestionShortText":"ආමෝස් සහ මීකා දිවැසිවරු දෙදෙනාගේ ක්‍රියාකාරකම් මගින් වර්තමානයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"\"මනුෂ්‍යයනි, ඔබ මේ දේවල් කරන්නේ මන්ද? අපිත් ඔබ හා සමාන මිනිස්සු ය.\" පාවුල් සහ බර්නබස් මෙලෙස ප්‍රකාශ කළ අවස්ථාව මගින් අප අනුගත කළ යුත්තේ,","QuestionShortText":"\"මනුෂ්‍යයනි, ඔබ මේ දේවල් කරන්නේ මන්ද? අපිත් ඔබ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෙවියන් වහන්සේට හිමි ගෞරවය අපට නොව එතුමාට පුද කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පුද පූජා වලින් වැළකී සිටීමේ අවශ්‍යතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හාස්කම් කිරීමේ ප්‍රතිවිපාක ඒත්තු ගැන්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේ පිළිබඳ නොදැන කරන ක්‍රියාවන් අනුමත නොකිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"\"නොසිතු ලෙස නොසිතු අවස්ථාවක ජේසුස් වහන්සේ වෙනුවෙන් දයාවේ සේවයකට ඇරයුම ලැබිය හැකි ය.\" යන්න සනාථ වන්නේ,","QuestionShortText":"\"නොසිතු ලෙස නොසිතු අවස්ථාවක ජේසුස් වහන්සේ වෙනුවෙන් දයාවේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාකෙවුස් ධනය බෙදීමේ ක්‍රියාකලාපයෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අරමාතියේ ජෝසප්ගේ ක්‍රියාකලාපයෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කිරේනියේ සීමොන්ට ලැබූ බල කිරීමට ඔහු ප්‍රතිචාර දැක්වු අන්දමින් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෙරුසලමේ කාන්තාවන් කුරුසිය වෙත රැඳී සිටීමෙන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":37,"QuestionFullText":"කිතුනු අප ජේසුස් වහන්සේ නැමැති සැබෑ මිදිවැලට ඒකාබද්ධ විය යුත්තේ,","QuestionShortText":"කිතුනු අප ජේසුස් වහන්සේ නැමැති සැබෑ මිදිවැලට ඒකාබද්ධ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බහුවිධ සමාජයේ යහපත් ඵල දරමින් ඒකත්වයට නැඹුරුවීමටයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමෘද්ධිමත් ජීවිතයකට මග පාදා ගැනීමටයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුල් කිතුණු සභා මෙන් ජීවිත පදනම් කර ගැනීමටයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලාංකික සමාජයේ වටිනාකම් එක්රැස් කිරීමටයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"පහත සඳහන් ඒවා අතුරින් යහපත් එඬේරන් ලෙස වත්මන් කිතුනු සභා නායකයන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ මොනවා ද?

A - නිවාස අහිමි අයට නිවාස ගොඩනගා දීමයි.
B - දේව වචනයේ සත්‍යතාවය පහදා සභාව පෝෂණය කිරීමයි.
C - සභාවෙන් විසිර ගොස් නැතිවූවන් ආපසු ගෙන ඒමයි.
D - සභා සාමාජිකත්වය හැකිතාක් දුරට වර්ධනය කිරීමයි.","QuestionShortText":"පහත සඳහන් ඒවා අතුරින් යහපත් එඬේරන් ලෙස වත්මන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"'පොළොව ගැඹුරට කැණ පර්වතය මත අත්තිවාරම දැමීම' යන දෙව් වදනින් අපට දෙන අනුශාසනය වන්නේ,","QuestionShortText":"'පොළොව ගැඹුරට කැණ පර්වතය මත අත්තිවාරම දැමීම' යන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිවසක් තැනීමේදී නිසි අත්තිවාරමක් දැමීමේ වැදගත්කමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොළොව ගැඹුරට කැණීමෙන් ගොඩනැගිල්ල ශක්තිමත් වන බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කිතුනු ජීවිත ජේසුස් වහන්සේ නැමැති පර්වතය මත ගොඩ නැගීම වැදගත් බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරයක් හෝ ආයතනයක් ඇරඹීමේදී පදනම ගැන සොයා බැලිය යුතු බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"\"දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරි ද?\" පේදුරු සහ ජොහන් ජුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියේ කළ මෙම ප්‍රකාශ මගින් කිතුනු අප වටහා ගත යුත්තේ,","QuestionShortText":"\"දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිර්භයව තම ශක්තිය හා බලය දැක්වීමට අවස්ථාව ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අපේ දැනුම ප්‍රයෝජනයට ගෙන අවස්ථාවෝචිතව කථා කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනතාව හා නායකයන් ඉදිරියේ ජයාන්විත වීමේ වැදගත්කමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභියෝගාත්මක අවස්ථා වල ශුද්ධාත්ම මග පෙන්වීමෙන් නොසැලී ඉදිරිපත් වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}