{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ආදාන හා ප්‍රතිදාන හැකියාවන් දෙකම පවතින්නේ පහත සඳහන් කවර උපක්‍රමයක ද?","QuestionShortText":"ආදාන හා ප්‍රතිදාන හැකියාවන් දෙකම පවතින්නේ පහත සඳහන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෙහෙයුම් යටිය (joystick)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රකාශ අනුලක්ෂ කියවනය (OCR)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්පර්ශ තිරය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙබ් කැම් (webcam)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"පරිගණකයේ දෘඪ තැටි අකර්මන්‍යවීම් වලින් දත්ත හා තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි හොඳ පුරුද්දක් වන්නේ පහත සඳහන් කවරක් ද?","QuestionShortText":"පරිගණකයේ දෘඪ තැටි අකර්මන්‍යවීම් වලින් දත්ත හා තොරතුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගිණිපවුරක් (firewall) ස්ථාපනය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ස්ථාපනය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාලීනව උපස්ථ (backups) ලබාගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රබල මුරපදයක් භාවිත කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේ ද?","QuestionShortText":"පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේ ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුකලිත පරිපථ (IC) හඳුන්වාදෙනු ලැබුයේ පළමුවන පරම්පරාවේ පරිගණකවල ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රික්තක නළ (vaccum tubes) හඳුන්වාදෙනු ලැබුයේ දෙවන පරම්පරාවේ පරිගණකවල ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ට්‍රාන්සිස්ටර් හඳුන්වාදෙනු ලැබූයේ තුන්වන පරම්පරාවේ පරිගණකවල ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ (VLSI) හඳුන්වා දෙනු ලැබුයේ සිව්වන පරම්පරාවේ පරිගණකවල ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"පහත සඳහන් දෑ අතුරෙන් කුමක් ශ්‍රී ලංකාවේ G2C (රජයෙන් පුරවැසියන්ට) සේවා හා බැඳී පවතී ද?

A - අ. පො. ස (සා. පෙ) විභාග ප්‍රතිඵල මාර්ගගතව බැලීම
B - මාර්ගගතව ආහාර වර්ග ඇනවුම් කිරීම
C - වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව අලුත් කිරීම","QuestionShortText":"පහත සඳහන් දෑ අතුරෙන් කුමක් ශ්‍රී ලංකාවේ G2C","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ල ම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"දත්ත සැකසුම සඳහා උදාහරණයක් වන්නේ පහත සඳහන් කවරක් ද?","QuestionShortText":"දත්ත සැකසුම සඳහා උදාහරණයක් වන්නේ පහත සඳහන් කවරක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුදල් ආපසු ගැනීමෙන් පසු, බැංකුකරණ මෘදුකාංගයක් භාවිතයෙන් ගිණුමේ ශේෂය ගණනය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගොනුවක් (file) USB ධාවකයෙන් පරිගණකයේ දෘඪ තැටියට කොපි කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පෞද්ගලික පරිගණකයට (PC) ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයක් ස්ථාපනය (install) කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුපිරික්සකයක් (scanner) භාවිතයෙන් ලිපියක් සුපිරීක්සීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"සුපිරි පරිගණක, උකුළු පරිගණක හා ටැබ්ලට් පරිගණක අතුරෙන් පහත සඳහන් යෙදුම් අවස්ථා සඳහා වඩාත්ම යෝග්‍ය පරිගණක ප්‍රරූපය තෝරන්න.

A - චන්ද්‍රිකා මගින් අඛණ්ඩව ලබාගන්නා අති විශාල දත්ත ප්‍රමාණයක් සැකසීමට

B - තම නිවසින් බැහැරව නිවාඩුව ගත කරන ලේඛකයකුට රචනාවක් ලිවීම සඳහා

C - ලැබෙන අයිතම ඉල්ලීම් ඇතුළත් කිරීමට වෙළඳසැල් වලට පැමිණෙන ජංගම වෙළඳ නියෝජිතයකුගේ භාවිතය සඳහා","QuestionShortText":"සුපිරි පරිගණක, උකුළු පරිගණක හා ටැබ්ලට් පරිගණක අතුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A : උකුළු පරිගණක
B : සුපිරි පරිගණක
C : ටැබ්ලට් පරිගණක","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A : උකුළු පරිගණක
B : ටැබ්ලට් පරිගණක
C : සුපිරි පරිගණක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A : සුපිරි පරිගණක
B : උකුළු පරිගණක
C : ටැබ්ලට් පරිගණක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A : ටැබ්ලට් පරිගණක
B : සුපිරි පරිගණක
C : උකුළු පරිගණක","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"(A) හා (B) හිස්තැන් සහිත පහත ප්‍රකාශය සලකන්න.

සැකසීම් (processing) කාර්යය කරන විට මධ්‍ය සැකසුම් ඒකකය එහි ..............(A).............. භාවිත කරන්නේ, ..............(B).............. ගෙන එන ලද දත්ත තාවකාලිකව ආචයනය කිරීම සඳහා ය.

ඉහත (A) හා (B) හිස්තැන් පිළිවෙළින් පිරවීම සඳහා පහත දක්වා ඇති කුමන සංයෝජනයක් යෝග්‍ය වන්නේ ද?","QuestionShortText":"(A) හා (B) හිස්තැන් සහිත පහත ප්‍රකාශය සලකන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාථමික මතකය, රෙජිස්තර වලින්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රෙජිස්තර, ප්‍රාථමික මතකයෙන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ද්විතීයික මතකය, ප්‍රාථමික මතකයෙන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ද්විතීයික මතකය, රෙජිස්තර වලින්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"සම්ප්‍රේශණ මාධ්‍ය සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේ ද?

A - 200 m ඉක්මවන දිගු දුරකට දත්ත සම්ප්‍රේශණය සඳහා නොවැසුණු ඇඹරි යුගල (UTP) කේබල සුදුසු වේ.

B - ප්‍රකාශ තන්තු කේබල වල දත්ත සම්ප්‍රේශණය UTP කේබල වලට වඩා වේගවත් වේ.

C - රැහැන් රහිත යතුරු පුවරු හා පරිගණක අතර සන්නිවේදනය සඳහා අධෝරක්ත දත්ත සම්ප්‍රේශණය යොදා ගැනේ.","QuestionShortText":"සම්ප්‍රේශණ මාධ්‍ය සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේ ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ල ම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":9,"QuestionFullText":"පහත සඳහන් වගන්ති අතුරෙන් කවරක් සත්‍ය වන්නේ ද?

A - පරිගණක තුළ දත්ත හා උපදෙස් ආචයනය වී ඇත්තේ ද්විමය ආකාරයෙනි.
B - 945 සංඛ්‍යාව අෂ්ටක හා ෂඩ්දශමය සංඛ්‍යා පද්ධති දෙකටම වලංගු වේ.
C - 412₈ තුල්‍ය වන්නේ 100001010₂ ට ය.","QuestionShortText":"පහත සඳහන් වගන්ති අතුරෙන් කවරක් සත්‍ය වන්නේ ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ල ම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"ප්‍රවේශ වේගය අනුව දී ඇති ආචයන සංරචක අවරෝහණ පිළිවෙළට සකසා ඇති වරණය කුමක් ද?","QuestionShortText":"ප්‍රවේශ වේගය අනුව දී ඇති ආචයන සංරචක අවරෝහණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිහිත මතකය (cache), ප්‍රධාන මතකය, රෙජිස්තර, දෘඪ තැටිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෘඪ තැටිය, නිහිත මතකය, රෙජිස්තර, ප්‍රධාන මතකය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෙජිස්තර, නිහිත මතකය, ප්‍රධාන මතකය, දෘඪ තැටිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රෙජිස්තර, ප්‍රධාන මතකය, දෘඪ තැටිය, නිහිත මතකය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"'E' අක්ෂරය ASCII වගුවේ 69₁₀ ලෙස නිරූපණය වේ නම්, ASCII වගුවට අනුව 'G' අක්ෂරයේ ද්වීමය නිරූපණය කුමක් ද?","QuestionShortText":"'E' අක්ෂරය ASCII වගුවේ 69₁₀ ලෙස නිරූපණය වේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"1000110","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"1000111","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"1001000","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"1001001","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"පහත සඳහන් කුමන වරණයෙහි මෙහෙයුම් පද්ධතියක කාර්යයන් පමණක් අඩංගු වන්නේ ද?","QuestionShortText":"පහත සඳහන් කුමන වරණයෙහි මෙහෙයුම් පද්ධතියක කාර්යයන් පමණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පඩිපත (payroll) කළමනාකරණය, ක්‍රියාවලි කළමනාකරණය, ගොනු කළමනාකරණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ක්‍රියාවලි කළමනාකරණය, දත්ත සමුදා කළමනාකරණය, ගොනු කළමනාකරණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්‍රියාවලි කළමනාකරණය, මතක කළමනාකරණය, දත්ත සමුදා කළමනාකරණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ක්‍රියාවලි කළමනාකරණය, මතක කළමනාකරණය, ගොනු කළමනාකරණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"දැන්ට පවතින ගොනු (files) මකා දැමීමකින් තොරව දෘඪ තැටියක භාවිතයට ගත හැකි ඉඩ අවකාශය වර්ධනය කර ගැනීමට පහත කුමන ක්‍රියා පිළිවෙතක් භාවිත කළ හැකි ද?","QuestionShortText":"දැන්ට පවතින ගොනු (files) මකා දැමීමකින් තොරව දෘඪ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෘඪ තැටියේ පවතින ගොනු සම්පීඩනය (compression) කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෘඪ තැටියේ සමහර ගොනු සැනෙලි ධාවකයකට (flash drive) කොපි කර ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෘඪ තැටිය හැඩසව් ගැන්වීම (formatting)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෘඩ තැටිය බෙදීම (partitioning)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"වදන් සකසන මෘදුකාංගයක් භාවිත කරමින් ලේඛනයක් සංස්කරණය කරමින් සිටින අතරතුර දී, එම ලේඛනයේ තෝරාගත් කොටසක් වෙනත් ලේඛනයකට පිටපත් කිරීමට ඔබ අදහස් කරයි. මෙම කාර්යය සඳහා පහත සඳහන් කුමන යතුරු සංයෝජනය ඔබ භාවිත කළ යුතු වන්නේ ද?","QuestionShortText":"වදන් සකසන මෘදුකාංගයක් භාවිත කරමින් ලේඛනයක් සංස්කරණය කරමින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Ctrl + C අනතුරුව Ctrl + V","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Ctrl + N අනතුරුව Ctrl + V","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Ctrl + P අනතුරුව Ctrl + V","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Ctrl + V අනතුරුව Ctrl + C","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"පැතුරුම්පතක, කෝෂ පරාසයක් (A3:C4) ලෙස දී ඇති අවස්ථාවක් සලකා බලන්න. මෙම පරාසය තුළ අඩංගු කෝෂ මොනවාද?","QuestionShortText":"පැතුරුම්පතක, කෝෂ පරාසයක් (A3:C4) ලෙස දී ඇති අවස්ථාවක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A3 හා C4 පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A3, B3 හා C3 පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A3, A4, C3 හා C4 පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A3, B3, C3, A4, B4 හා C4 පමණි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"C2 කෝෂය සඳහා = B2 * B$5 සූත්‍රය ඇතුළත් කර ඇති පහත පෙන්වා ඇති පැතුරුම්පත් කොටස සලකා බලන්න.

C2 කෝෂයේ ඇති සූත්‍රය C3 කෝෂයට කොපි කළ විට C3 කෝෂයේ දිස්වන්නේ කුමක් ද?","QuestionShortText":"C2 කෝෂය සඳහා = B2 * B$5 සූත්‍රය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52830436794_56bc3763b0_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"0","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"5000","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"6000","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"60000","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"ඔබ සංස්කරණය කරමින් පවතින ඉලෙක්ට්‍රොනික සමර්පනයට ඔබට හිස් කදාවක් ඇතුළත් කිරීමට අවශ්‍යව ඇත. මෙම කාර්යය කරගැනීම සඳහා පහත සඳහන් කුමන යතුරු සංයෝජනය භාවිත කළ යුතු වන්නේ ද?","QuestionShortText":"ඔබ සංස්කරණය කරමින් පවතින ඉලෙක්ට්‍රොනික සමර්පනයට ඔබට හිස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Ctrl + M","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Ctrl +N","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Shift + B","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Shift + V","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"ඉලෙක්ට්‍රොනික සමර්පන මෘදුකාංගයක කුමන ගුණාංගයක් (feature) භාවිත කරමින්, එහි කදාවක සන්ධාර සැකසුම (content management) පහත පෙන්වා ඇති සැකසුම 1 අවස්ථාවේ සිට සැකසුම 2 අවස්ථාවට මාරු කරගත හැකි ද?","QuestionShortText":"ඉලෙක්ට්‍රොනික සමර්පන මෘදුකාංගයක කුමන ගුණාංගයක් (feature) භාවිත කරමින්,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52830262846_f86bc51423_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"කදා පිරිසැලසුම (slide layout)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කදා දසුන (slide show)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කදා තෝරනය (slide sorter)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කදා දැක්ම (slide view)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"වදන් සැකසුම් හා ඉලෙක්ට්‍රොනික සමර්පන යන මෘදුකාංග වර්ග දෙකෙහිම පොදු ගුණාංගයක් නොවන්නේ පහත කවරක් ද?","QuestionShortText":"වදන් සැකසුම් හා ඉලෙක්ට්‍රොනික සමර්පන යන මෘදුකාංග වර්ග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පේළි පරතරය වෙනස් කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සෙවීම හා ප්‍රතිස්ථාපනය (find and replace)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තැපැල් මුසුව (mail merge)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අක්ෂර වින්‍යාස පරීක්ෂාව (spell checker)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ඉලෙක්ට්‍රොනික සමර්පනයක ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පහත සඳහන් කුමක් යෝග්‍ය වේද?

A - කදාවක පවතින පාඨ පේළි ගණන 6 සිට 9 අතර සංඛ්‍යාවකට සීමා කිරීම
B - එකම කදාව තුළ පින්තූර සහ ප්‍රස්තාර විශාල වශයෙන් භාවිත නොකිරීම
C - සෑම කදාවකම රතු වර්ණය වැඩි වශයෙන් යොදා ගැනීම","QuestionShortText":"ඉලෙක්ට්‍රොනික සමර්පනයක ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පහත සඳහන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ල ම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"ප්‍රශ්නය සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගු වල කොටසක් පහත දක්වා ඇත. පාසල් පුස්තකාලයක පොත්, සිසුන් හා සිසුන් විසින් වෙන් කරන ලද පොත් පිළිබඳ දත්ත ආචයනය කිරීම සඳහා මෙම වගු භාවිත කෙරේ.

ශිෂ්‍ය (Student) වගුවේ ඇති ක්ෂේත්‍ර (fields) සංඛ්‍යාව කොපමණ ද?","QuestionShortText":"ප්‍රශ්නය සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52830745228_925b407307_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"2","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"3","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"4","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"5","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"ප්‍රශ්නය සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගු වල කොටසක් පහත දක්වා ඇත. පාසල් පුස්තකාලයක පොත්, සිසුන් හා සිසුන් විසින් වෙන් කරන ලද පොත් පිළිබඳ දත්ත ආචයනය කිරීම සඳහා මෙම වගු භාවිත කෙරේ.

දත්ත සමුදායේ ආගන්තුක යතුරක් (foreign key) සඳහා උදාහරණයක් වන්නේ කුමක් ද?","QuestionShortText":"ප්‍රශ්නය සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52830745228_925b407307_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙන්කිරීම් (Reservation) වගුවේ Book_ID","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශිෂ්‍ය (Student) වගුවේ Grade","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙන්කිරීම් (Reservation) වගුවේ Reserved_Date","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොත් (Book) වගුවේ Title","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"ප්‍රශ්නය සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගු වල කොටසක් පහත දක්වා ඇත. පාසල් පුස්තකාලයක පොත්, සිසුන් හා සිසුන් විසින් වෙන් කරන ලද පොත් පිළිබඳ දත්ත ආචයනය කිරීම සඳහා මෙම වගු භාවිත කෙරේ.

කුමාර් (Kumar) විසින් වෙන්කරන ලද (reserved) පොතේ මාතෘකාව (Title) කුමක් ද?","QuestionShortText":"ප්‍රශ්නය සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52830745228_925b407307_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"Classic Short Stories","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Effective Writing","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Poem Writing","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Vocal Theory","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"ප්‍රශ්නය සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගු වල කොටසක් පහත දක්වා ඇත. පාසල් පුස්තකාලයක පොත්, සිසුන් හා සිසුන් විසින් වෙන් කරන ලද පොත් පිළිබඳ දත්ත ආචයනය කිරීම සඳහා මෙම වගු භාවිත කෙරේ.

සිසුවකු පුස්තකාලයේ සාමාජිකත්වය ලබා පොතක් වෙන් කරයි. මේ කාර්යය සඳහා යාවත්කාලීන කළ යුතු වගු මොනවාද?","QuestionShortText":"ප්‍රශ්නය සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52830745228_925b407307_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"පොත් (Book) වගුව හා වෙන්කිරීම (Reservation) වගුව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොත් (Book) වගුව හා ශිෂ්‍ය (Student) වගුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙන්කිරීම් (Reservation) වගුව හා ශිෂ්‍ය (Student) වගුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොත් (Book) වගුව, වෙන්කිරීම් (Reservation) වගුව හා ශිෂ්‍ය (Student) වගුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"මෘදුකාංග පද්ධති පරික්ෂාවේ (software system testing) නිවැරදි පිළිවෙළ සඳහන් වරණය කුමක් ද?","QuestionShortText":"මෘදුකාංග පද්ධති පරික්ෂාවේ (software system testing) නිවැරදි පිළිවෙළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රතිග්‍රහන පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, ඒකක පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පද්ධති පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, ප්‍රතිග්‍රහන පරීක්ෂාව, ඒකක පරීක්ෂාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඒකක පරීක්ෂාව, ප්‍රතිග්‍රහන පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහන පරීක්ෂාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"ලෝක විසිරි වියමන (WWW) හි පවතින සෑම වෙබ් පිටුවක් සඳහා ම අනන්‍ය වූ හඳුන්වනය (identifier) වන්නේ","QuestionShortText":"ලෝක විසිරි වියමන (WWW) හි පවතින සෑම වෙබ්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විද්‍යුත් තැපැල් ලිපිනයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අධිසන්ධානයයි (hyperlink).","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"IP ලිපිනයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඒකාකාර සම්පත් නිශ්චායකයයි (URL).","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාලය සම්බන්ධ නියමාවලි පමණක් අඩංගු වේ ද?","QuestionShortText":"පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාලය සම්බන්ධ නියමාවලි පමණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"FTP, HTML, HTTP, SMTP","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"FTP, HTML, HTTP, TCP/IP","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"FTP, HTTP, SMTP, TCP/IP","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"HTML, SMTP, TCP/IP, URL","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරනු ලබයි ද?","QuestionShortText":"පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාල සේවා පමණක් නිරූපණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විද්‍යුත් තැපැල, ගොනු හවුලේ බෙදාගැනීම (file sharing), දුරස්ථ ප්‍රවේශය, අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය (streaming of media)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විද්‍යුත් තැපැල, ගොනු හවුලේ බෙදාගැනීම, අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය, වෙබ් අතරික්සු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගොනු හවුලේ බෙදාගැනීම, HTML කේත, දුරස්ථ ප්‍රවේශය, සෙවුම් යන්ත්‍ර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දුරස්ථ ප්‍රවේශය, සෙවුම් යන්ත්‍ර, අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය, වෙබ් අතරික්සු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"වෙබ් අතරික්සුවක් මගින් විදැහු (render) කළ පහත ලැයිස්තුව සලකන්න.

• Science
• Maths
• English

ඉහත ලැයිස්තුව නිර්මාණය කිරීමට අවශ්‍ය වන HTML උසුලන මොනවාද?","QuestionShortText":"වෙබ් අතරික්සුවක් මගින් විදැහු (render) කළ පහත ලැයිස්තුව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"<dl>, <dt>","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"<dl>, <li>","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"<ol>, <li>","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"<ul>, <li>","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"වෙබ් පිටු සංවර්ධනය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්ති ද?

A - ගතික වෙබ් පිටු වලින් (dynamic web pages) පෙන්වන සන්ධාරය (content) පරිශීලක ආදාන අනුව හෝ කාලය අනුව හෝ වෙනස් විය හැකි ය.

B - ගතික වෙබ් පිටු නිපදවීමට HTML පමණක් භාවිත වේ.

C - වෙබ් පිටු නිර්මාණය සඳහා වෙබ් කර්තෘ මෙවලම් (web authoring tools) භාවිත කළ හැකි ය.","QuestionShortText":"වෙබ් පිටු සංවර්ධනය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ල ම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"පහත සඳහන් කවර උසුලන (tags) HTML අක්ෂර (character) හැඩසව් කිරීම සඳහා භාවිත කළ හැකි ද?","QuestionShortText":"පහත සඳහන් කවර උසුලන (tags) HTML අක්ෂර (character)","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"<i>, <b>, <u>, <em>","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"<br>, <b>, <u>, <p>","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"<p>, <li>, <u>, <em>","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"<i>, <b>, <li>, <em>","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දක්වා ඇති ඉරියව් අතුරෙන් පරිගණක භාවිතාවේ දී නිවැරදි වන්නේ කවරක් ද?","QuestionShortText":"පහත දක්වා ඇති ඉරියව් අතුරෙන් පරිගණක භාවිතාවේ දී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52830790115_0d6d63f35c_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52830572684_27fa61659f_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52830393206_b065680a88_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52830841143_90cd771a77_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":33,"QuestionFullText":"වර්ණ 32ක් නිරූපණය කිරීම සඳහා පික්සලයට බිටු (bpp) කොපමණ අවශ්‍ය ද?","QuestionShortText":"වර්ණ 32ක් නිරූපණය කිරීම සඳහා පික්සලයට බිටු (bpp)","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"4","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"5","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"6","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"7","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"අනුරූපයක (image) විභේදනය (resolution) අඩු කළ විට කුමක් සිදු වේද?","QuestionShortText":"අනුරූපයක (image) විභේදනය (resolution) අඩු කළ විට කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුරූපයේ ගුණාත්මක බව (quality) සහ එහි ගොනු ප්‍රමාණය (file size) වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනුරූපයේ ගුණාත්මක බව සහ එහි ගොනු ප්‍රමාණය අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුරූපයේ ගුණාත්මක බව වැඩි වන අතර එහි ගොනු ප්‍රමාණය අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනුරූපයේ ගුණාත්මක බව අඩු වන අතර එහි ගොනු ප්‍රමාණය වැඩි වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":35,"QuestionFullText":"පහත සඳහන් වගන්ති අතුරෙන් සත්‍ය වන්නේ කවරක් ද?

A - Pascal යනු ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවක් සඳහා උදාහරණයකි.

B - පහළ මට්ටමේ භාෂා ක්‍රමලේඛ වලට වඩා ඉහළ මට්ටමේ භාෂා ක්‍රමලේඛ තේරුම් ගැනීම ක්‍රමලේඛකයින්ට පහසු වේ.

C - සම්පාදකයක් (compiler) මගින් ඉහළ මට්ටමේ භාෂා ක්‍රමලේඛයක්, යන්ත්‍ර භාෂා (machine language) උපදෙස් බවට පරිවර්තනය කරනු ලැබේ.","QuestionShortText":"පහත සඳහන් වගන්ති අතුරෙන් සත්‍ය වන්නේ කවරක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"පහත දක්වා ඇති ව්‍යාජ (pseudocode) කොටස සලකන්න.

units යන විචල්‍යය සඳහා 175 ආදානය කළහොත් ප්‍රතිදානය වන්නේ කුමක් ද?","QuestionShortText":"පහත දක්වා ඇති ව්‍යාජ (pseudocode) කොටස සලකන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52830868988_ca4b7950d7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"175","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"250","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"300","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"375","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"පහත සඳහන් ව්‍යාජ කේත කොටස සඳහා පරිශීලකයකු 4, 5, 2, -1 යන සංඛ්‍යා එකකට පසු අනෙක ආදානය කළේ නම් එහි ප්‍රතිදානය වන්නේ කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් ව්‍යාජ කේත කොටස සඳහා පරිශීලකයකු 4,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52829858372_e4cc8272a2_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"-1","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"0","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"4","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"5","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":38,"QuestionFullText":"පරිගණක ක්‍රමලේඛ සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකා බලන්න.

A - විචල්‍යයන්ට (variables) විවිධ අවස්ථාවන් හිදී විවිධ අගයයන් ගත හැකි ය.

B - පරිගණක භාෂාවක වෙන් කරන ලද වදන් (reserved words) එම ක්‍රමලේඛ භාෂාවේම විචල්‍ය නාම සේ භාවිත කළ හැකි ය.

ඉහත වගන්ති සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් සත්‍ය වන්නේ ද?","QuestionShortText":"පරිගණක ක්‍රමලේඛ සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණක් නිවැරදි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණක් නිවැරදි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා B දෙකම නිවැරදි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා B දෙකම වැරදි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"පහත පෙන්වා ඇති ව්‍යාජ කේතය සලකා බලන්න.

a, b හා c යන විචල්‍ය සඳහා පිළිවෙළින් 50, 30 හා 70 යන අගයයන් ආදානය කරනු ලබයි නම්, දර්ශනය කෙරෙන ප්‍රතිදානය කුමක් ද?","QuestionShortText":"පහත පෙන්වා ඇති ව්‍යාජ කේතය සලකා බලන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52830442746_330ffd554c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"0","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"30","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"50","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"70","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"පහත තර්කන පරිපථයේ X සඳහා 0 සහ 1 පිළිවෙළින් ආදාන ලෙස දී ඇත්නම් Y සඳහා ලැබෙන අදාළ ප්‍රතිදාන දෙක පිළිවෙළින් කවරක් ද?","QuestionShortText":"පහත තර්කන පරිපථයේ X සඳහා 0 සහ 1","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52829878307_fef5c0f486_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52830449376_ac75757494_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52830851395_508be7f6e8_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52830899003_c5b07a0308_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52830854195_6032c1105a_o.png"}],"CorrectAnswers":[{"Id":2}]}]}