{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.

ඔවුන් දෙදෙනා වැඩ කළේ (දිවෙන් දිව ගා ගෙන) ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඥාතීන් මෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හැම විට ම එක තැන සිට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉතා මිත්‍රශීලී ව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිව් එකිනෙක ස්පර්ශ කරමින් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.

පාලකයන් සමග කටයුතු කළ යුත්තේ (දැලි පිහියෙන් කිරි කන්නා සේ) ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉතා පරිස්සමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කැපෙනවාට බියෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දුරින් සිටිමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇඟෑලුම්කම් පාමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.

අක්කාගේ විවාහය ප්‍රමාද වූයේ අම්මා (වංසෙ කබල් ගෑ නිසා) ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තම පරම්පරාව ගැන කියූ නිසා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තමා ගැන පුරසාරම් කියූ නිසා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මනාල පාර්ශ්වයේ අඩුපාඩු කියූ නිසා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තම පරම්පරාව ගැන පුරසාරම් කියූ නිසා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.

වර්තමාන ශිෂ්‍ය පරම්පරාව වෙතින් කෙමෙන් කෙමෙන් ආත්ම ................................ ඉවත් වනු පෙනෙයි.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අධීක්ෂණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශික්ෂණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමීක්ෂණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හිංසනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.

විවාද කණ්ඩායමේ නායකයා තම කරුණු ................................ ඔප්පු කළේ ය.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තර්කානුකූල ව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිත්‍යනුකූල ව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධර්මානුකූල ව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආගමානුකූල ව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.

අන්ධ විශ්වාස වල එල්බ සිටින්නෝ තම ................................ පාවා දෙති.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආත්මය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෛවය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බුද්ධිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ධනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"සැම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න.","QuestionShortText":"සැම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උල්ලංඝණය, පරිණාමය, පිළිරැව්, සංස්කරනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දොල, මකුළුවා, මේඝකූඨ, රක්තාණු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රණසූර, සම්භාෂණය, හෙලටුවා, ක්ෂේමභූමි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වේච්ඡා, මිණිමුතු, අදූරදර්ශී, කෙණ්ඩිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":2},{"Id":3},{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"'කතුර, සවිය, ප්‍රවීණ, මහාචාර්ය' යන වචන වල දෙවෙනි අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"'කතුර, සවිය, ප්‍රවීණ, මහාචාර්ය' යන වචන වල දෙවෙනි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෙටි පාපිල්ල, දීර්ඝ ඉස්පිල්ල, කෙටි ඉස්පිල්ල හා ඇලපිල්ල","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෙටි ඉස්පිල්ල, කෙටි පාපිල්ල, ඇලපිල්ල හා දීර්ඝ ඉස්පිල්ල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කෙටි පාපිල්ල, ඇලපිල්ල, කෙටි ඉස්පිල්ල හා දීර්ඝ ඉස්පිල්ල","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෙටි පාපිල්ල, කෙටි ඉස්පිල්ල, දීර්ඝ ඉස්පිල්ල හා ඇලපිල්ල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"'කහ' යන පදයෙහි අන්තර්ගත අක්ෂර වර්ගය වන්නේ,","QuestionShortText":"'කහ' යන පදයෙහි අන්තර්ගත අක්ෂර වර්ගය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තාලුජ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කණ්ඨජ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දන්තජ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මූර්ධජ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න.","QuestionShortText":"අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කව්සිළුමිණ, ගුත්තිලය, සියබස්ලකර, සුභාෂිතය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෝකිලය, පෙරෙවිය, සැළලිහිණිය, ගිරාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුවදෙව්දාවත, සසදාවත, මයූරය, තිසරය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යසෝදරාවත, වෙස්සන්තරය, කුසදාකව, දහම්සොඬදාකව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":11,"QuestionFullText":"අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.","QuestionShortText":"අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පුතෙක්, ඇතකු, දෙවියන්, ඌරෝ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නායකයකු, ධනවතුන්, මා, කාන්තාවක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිංහයකු, හාවෙක්, සර්පයන්, වංශවතෙක්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කුරුල්ලෙක්, ධනවතකු, මහල්ලෙක්, වෙළෙන්දෝ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"'නළුනිළියෝ නාට්‍යාවසනයෙහි වේදිකාවෙන් ඉවත් ව ගියහ' යන වාක්‍යයේ 'වේදිකාවෙන්' යන්නෙහි විභක්තිය කුමක් ද?","QuestionShortText":"'නළුනිළියෝ නාට්‍යාවසනයෙහි වේදිකාවෙන් ඉවත් ව ගියහ' යන වාක්‍යයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කර්ම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කරණ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආධාර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවධි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"'කැවුම්කිරිබත්' යන්න අයත් වන්නේ,","QuestionShortText":"'කැවුම්කිරිබත්' යන්න අයත් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විභක්ති සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දකාරාර්ථ සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්‍යාර්ථ සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විශේෂණ සමාසයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"'සමාජ + ඊය' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍යය එක් වූ විට නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"'සමාජ + ඊය' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍යය එක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාජීය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සාමාජීය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජයීය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාමාජයීය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වරණය තෝරන්න.","QuestionShortText":"මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සන්ධි - දකුණත, මැදැඟිල්ල, පත්තිරු, දෑස","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාස - ඉරහඳ, වනමල්, පන්සිල්, මුහුදුදිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිශ්‍රක්‍රියා - බලමින්, කරමින්, ගොසින්, නටමින්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තද්ධිත - ධර්මිෂ්ඨ, ස්වර්ණමය, පාපතර, මධුරතම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"පූර්ව ක්‍රියාවක් යෙදී ඇති වාක්‍යය කුමක් ද?","QuestionShortText":"පූර්ව ක්‍රියාවක් යෙදී ඇති වාක්‍යය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශිෂ්‍යයා පොත් බලා රචනාවට කරුණු රැස් කළේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිල් වලා පෙළ ආකාශයේ ඈතින් ඈතට ගමන් කළේය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හෝර්ටන් තැනිතලා පෙදෙස සංවේදී පරිසර කලාපයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජීවිතය සම්පූර්ණ වීමට සාහිත්‍ය-කලා රස වින්දනය ද අවශ්‍ය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.

(ප්‍රත්‍යුපකාර) කරන්නෝ අප සමාජයේ විරල ය.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බෙහෙවින් උපකාර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරෝපකාර","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නැවත උපකාර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නොකඩවා උපකාර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.

සමහරු වැඩිහිටියන් කෙරෙහි (සානුකම්පික) වෙති.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුකම්පා සහගත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනුකම්පා විරහිත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුකම්පා හරිත","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනුකම්පා පූර්වක","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.

අපි රට ගොඩනැඟීමට (ඒකාබද්ධ ව) කටයුතු කරමු.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එකා මෙන් එකට බැඳී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එකට ඇලී","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එකට බැඳී","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එකාවන් ව නැගී සිට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නොපවත්නා පද පේළිය තෝරන්න.","QuestionShortText":"දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නඟුල, වියගහ, උදැල්ල, කමත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොත, පෑන, පැන්සල, අඩිකෝදුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාපැදිය, යතුරුපැදිය, ගුවන්යානය, කෝච්චිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෙටිකතාව, නවකතාව, පද්‍ය කාව්‍යය, උපහාරය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":21,"QuestionFullText":"එක් එක් පද පේළියේ දී ඇති පද වලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න.","QuestionShortText":"එක් එක් පද පේළියේ දී ඇති පද වලට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"[ගවයා - වෘෂභ] , [සිංහයා - බාසුරු] , [ශාඛා - ගස] , [වනය - අරණ්‍යය]","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"[ගඟ - නදිය] , [අම්මා - මව] , [අග්නි - ගිනි] , [කුසුම - මල]","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"[ධර්මය - දහම] , [බෙල්ල - ගෙල] , [කේශ - කෙස්] , [ලෝකය - භූමිය]","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"[සාගරය - මුහුද] , [පොත - පුස්තකය] , [කාන්තාව - මව] , [වානර - වඳුරා]","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"මුලින් දී ඇති පදයට සමානාර්ථයයක් නොදෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"මුලින් දී ඇති පදයට සමානාර්ථයයක් නොදෙන පදයක් ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සඳ - චන්ද්‍ර, සිසි, තරිඳු, නිශාකර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වතුර - ජලය, උදක, පැන්, දිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අත - බාහු, හස්ත, කර, අල්ල","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාර - වීථීය, මාර්ගය, මාවත, මග","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.","QuestionShortText":"විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආත්ම - අනාත්ම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හීන - නිහීන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අභ්‍යන්තර - බාහිර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උතුර - දකුණ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'ං' යන්න 'අනුස්වාර' නමින් ද හැඳින්වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'මම' යන්නෙහි අනුක්ත පදය 'මා' යන්න යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'ගස' යන්න අප්‍රාණවාචී, ප්‍රථම පුර්ෂ, ඒක වචන නාම පදයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'පොල් + අත්ත' යන්න සන්ධි වනුයේ 'පොලත්ත' යනුවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍ය අතුරෙන් මනා පද ගැළපීමෙන් යුක්ත, අර්ථාන්විත වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍ය අතුරෙන් මනා පද ගැළපීමෙන් යුක්ත,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහ මග වේගයෙන් දුව ගිය ඔහු පය පැකිලී බිම ඇද වැටුණේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගව සම්පත සුරැකීම උදෙසා ජාතික ආර්ථික වර්ධනය හේතු වෙයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනාගත දරුවන්ගේ අධ්‍යාපනය කරණ කොට ගෙන දෙමවුපියෝ බොහෝ වෙහෙසෙති.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විද්‍යාඥයන් 21 වැනි සියවසේ අභිවෘද්ධිය පිණිස තාක්ෂණික උපකරණ නිර්මාණය කොට ඇත.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.

'නිෂ්ඵල ක්‍රියාවක නිරත වීම'","QuestionShortText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබරා සිල් ගත්තා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරංගියා කෝට්ටෙ ගියා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අටුව කඩා පුටුව හදන්නා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන්දරේ සීනි කෑව වාගේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.

'වඩාත් උඩඟු වී ක්‍රියා කිරීම'","QuestionShortText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාළු ගෙයි වළං බිඳිනවා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අශ්වයාට අං ලැබුණා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අඟේ ඉඳන් කන කනවා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නැගපු ඉණිමගට පයින් ගහනව වාගේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"පූර්ව ස්වර ලෝප සන්ධියට හා ස්වර සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින් දැක්වෙන වරණය වන්නේ,","QuestionShortText":"පූර්ව ස්වර ලෝප සන්ධියට හා ස්වර සන්ධියට අදාළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුනිතුමා, මුලසුන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දකුණත, මුනිතුමා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුලසුන, මුනිතුමා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දකුණත, මුලසුන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අප ශිෂ්‍යයෝ වෙමු.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මේ පාසලෙහි බොහෝ ළමයි ඇත.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔවුන් දක්ෂ ක්‍රීඩකයෝ ලු.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නායකයෝ අවංක විය යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අප පාසලේ දරුවන් තරඟයෙන් ජයග්‍රහණය කරාවි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව හෝ රචනාව ලියන්නේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුළඟින් බොහෝ ගස් පොළවට ඇද වැටුණහ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලංකාවේ පළමු අගමැති නොහොත් ඩී. එස්. සේනානායක දක්ෂ පාලකයෙක් විය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"පහත වාක්‍ය වල හිස්තැන් පිරවීම සඳහා යෝග්‍ය නිපාත පද අනුපිළිවෙළ කුමක් ද?

• ජාතියට වැඩ කිරීම ................................ මම කැප වෙමි.

• ගුරුවරු දරුවන්ගේ අනාගතය ................................ බෙහෙවින් උනන්දු වෙති.

• දරුව, යාචකයකු ................................ මහ මග හිඟා නො කන්න.

• මේ ආපදා අවස්ථාවෙහි ................................ පියවර ගන්න.","QuestionShortText":"පහත වාක්‍ය වල හිස්තැන් පිරවීම සඳහා යෝග්‍ය නිපාත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගැන, පිණිස, වහා, මෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිසා, පිණිස, වහා, මෙන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිණිස, ගැන, මෙන්, වහා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පිණිස, ගැන, මිස, වහා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද?

'උන් මේ පැත්තට ආවේ නැහැ'","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔවුහු මේ දෙසට නො පැමිණියහ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔවුන් මේ දෙසට නො පැමිණියේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔවුන් මේ දෙසට නො පැමිණියෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔවුහු මේ දෙසට නො පැමිණියේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"'තොරොක්කෝව' නම් කෙටිකතාවේ රචකයා වනුයේ,","QuestionShortText":"'තොරොක්කෝව' නම් කෙටිකතාවේ රචකයා වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යසුනරි කවබත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගී ද මෝපසං ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අකුතගාවා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇන්ටන් චෙකොෆ් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"ශබ්ද ධ්වනිය වඩාත් ඉස්මතු වී පෙනෙන කවිපදය ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"ශබ්ද ධ්වනිය වඩාත් ඉස්මතු වී පෙනෙන කවිපදය ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙරළ ඉගිළ තුළ රළ වැළ ලෙස උලෙළ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුම්බර ලියෝ කර ඔසවා බලන බැලුම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සඳමඩල වසාගෙන කළු වලාකුළු ඇදිණ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුරිඳුනි කදිර පුර ලැබ දෙනු මැන පිහිට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"'සවනක් ගන බුදුරැසින් මුළු ලොව සදමින් වඩුත් වඩුත් ....'
යන පාඨයෙහි 'සදමින්' යන්නෙහි අර්ථය කුමක් ද?","QuestionShortText":"'සවනක් ගන බුදුරැසින් මුළු ලොව සදමින් වඩුත් වඩුත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වසමින්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සරසමින්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විස්තර කරමින්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සකස් කරමින්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"පහත සඳහන් කවියෙහි තුන්වැනි පදය තෝරන්න.

'මූණ රවා ගෙන ගොස් ගෙට වැදිලා
පූන නූල ඇද දමමින් බිඳලා
................................................................
බාන ලෙසට අල්ලා ගෙන රවුළා'","QuestionShortText":"පහත සඳහන් කවියෙහි තුන්වැනි පදය තෝරන්න. 'මූණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කුදේ ගැසී නැගිටින කල වෙවුලා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ළඳේ නිසරු නො කරන් අප සියලා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සොඳේ විඳින සැප විඳුමට මෙකලා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යානේ උන් බමුණා බිම පෙරළා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"පහත සඳහන් කවියේ රචකයා වනුයේ,

'ගස වතු සුදු
වී පිරිසිදු
පොහොය නැතුදු
සිල් ගත් බඳු'","QuestionShortText":"පහත සඳහන් කවියේ රචකයා වනුයේ, 'ගස වතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කුමාරතුංග මුනිදාස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහගම සේකර ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එස්. මහින්ද හිමි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආනන්ද රාජකරුණා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"හේන් ගොවිතැන ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ 'මහ එකා' යනු,","QuestionShortText":"හේන් ගොවිතැන ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ 'මහ එකා' යනු,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පිඹුරා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලොකු පුතා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නයා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අලියා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"'පෙරදිග ගොරහැඬි රකුසෝ
මගෙ ධ්‍යානය ඇයි කඩන්නේ
නිදා ගන්න පොරව ගත්ත
කළු රෙදි පොට
මොකට ද මේ
තීරු වලට ඉරා දමන්නේ.'

යන පද්‍ය ඛණ්ඩයෙන් කියැවෙන්නේ,","QuestionShortText":"'පෙරදිග ගොරහැඬි රකුසෝ මගෙ ධ්‍යානය ඇයි කඩන්නේ නිදා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රකුසකු ගැන ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාත්‍රියක් ගැන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උදෑසනක් ගැන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තවුසකු ගැන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන පිළිතුර තෝරන්න.

'මානවයාගේ තිබුණ ශක්‍යතා අතර එකක් තමයි භාෂා ශක්‍යතාව. ඒ කියන්නේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා ශබ්ද නිකුත් කිරීමේ හැකියාව.'","QuestionShortText":"පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මනුෂ්‍යයා සතු හැකියාවක් වනුයේ භාෂා ශක්‍යතාව යි. ඉන් ගම්‍ය වනුයේ ශබ්ද නිකුත් කිරීමේ හැකියාව යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානවයා සතු ශක්‍යතාවක් වනුයේ භාෂා ශක්‍යතාව යි. ඉන් කියැවෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මානවයා සතු සුවිශේෂ හැකියාවක් වනුයේ භාෂා ශක්‍යතාව යි. ඉන් අදහස් වනුයේ ශබ්ද උත්පාදනමය ශක්‍යතාව යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මානවයා සතු හැකියාවන් අතර එකක් වනුයේ භාෂා ශක්‍යතාව යි. ඉන් කියවෙනුයේ අදහස් ප්‍රකාශනය සඳහා ශබ්ද උත්පාදනය කිරීමේ හැකියාව යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}