{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික දේවල් හැඳින්වෙන නම කුමක් ද?","QuestionShortText":"මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික දේවල් හැඳින්වෙන නම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වුවමනා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භාණ්ඩ හා සේවා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවශ්‍යතා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිෂ්පාදන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ ප්‍රධාන නීති නිලධාරියා වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ ප්‍රධාන නීති නිලධාරියා වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අගවිනිසුරුතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අධිකරණ ඇමතිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නීතිපතිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔම්බූඩ්ස්මන්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"ඒකීය රාජ්‍යයක් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionShortText":"ඒකීය රාජ්‍යයක් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහා බ්‍රිතාන්‍යය, ජපානය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජපානය, නේපාලය, ප්‍රංශය, ශ්‍රී ලංකාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන්දියාව, ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ප්‍රංශය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"සංවර්ධනය මැනීම සඳහා භාවිත වන නූතන ක්‍රමයක් වන්නේ,","QuestionShortText":"සංවර්ධනය මැනීම සඳහා භාවිත වන නූතන ක්‍රමයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දළ ජාතික නිෂ්පාදිතයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මානව සංවර්ධන දර්ශකයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආර්ථික වර්ධන වේගයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"සංවර්ධනය වෙමින් පවතින රටවල් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionShortText":"සංවර්ධනය වෙමින් පවතින රටවල් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නෝර්වේ, ජපානය, බංග්ලාදේශය, කැනඩාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉන්දියාව, සෝමාලියාව, ඉතියෝපියාව, සියරාලියෝන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෙල්ජියම, මියන්මාරය, ප්‍රංශය, ජර්මනිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නේපාලය, ඕස්ට්‍රේලියාව, ස්විඩනය, ඇමෙරිකා එක්සත් ජනපදය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් වන්නේ,","QuestionShortText":"ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජ්‍යයක විවිධ පක්ෂ පැවතීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාජ්‍යයක ජනගහනය අධික වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නියමිත කාල සීමාව තුළ මැතිවරණ පැවැත්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුරවැසියන්ගේ ආදායම් විෂමතාවක් පැවතීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"ඒක පක්ෂ ක්‍රමයක් ඇති රටක් වන්නේ,","QuestionShortText":"ඒක පක්ෂ ක්‍රමයක් ඇති රටක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහා බ්‍රිතාන්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඇමෙරිකා එක්සත් ජනපදයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චීනයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඕස්ට්‍රේලියාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජනතාව සතු බලය හැඳින්වෙන්නේ,","QuestionShortText":"ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජනතාව සතු බලය හැඳින්වෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරමාධිපත්‍ය බලය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීත්‍යානුකුල බලය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සර්වජන ඡන්ද බලය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නීතියේ ආධිපත්‍ය බලය යනුවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"අනෙකුත් ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන සමග සාර්ක් සංවිධානය සන්සන්දනය කිරීමේදී සාක් සාමාජික රටවල් අතර සමීප සම්බන්ධතා දුර්වල මට්ටමක පැවතීමට හේතුවී ඇත්තේ,","QuestionShortText":"අනෙකුත් ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන සමග සාර්ක් සංවිධානය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විවිධ ආගමික හා සංස්කෘතික ලක්ෂණ වලින් සමන්විත වීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වාභාවික ආපදා වලට නිරන්තරයෙන් ලක්වීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවම සාක්ෂරතා මට්ටම් වලින් යුක්ත වීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභ්‍යන්තර දේශපාලන අර්බුද හා යුධමය තත්ත්ව වල බලපෑමට ලක්වීම නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"අයිතිවාසිකම් හා බැඳුණු සදාචාරාත්මක යුතුකම් සඳහන් වන පිළිතුර තෝරන්න.","QuestionShortText":"අයිතිවාසිකම් හා බැඳුණු සදාචාරාත්මක යුතුකම් සඳහන් වන පිළිතුර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රජය විසින් පනවන බදු ගෙවීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරිසරය ආරක්ෂා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොදු දේපළ ආරක්ෂා කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පළාත් සභාවක ප්‍රධාන ඇමතිවරයා පත්කරනු ලබන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පළාත් සභාවක ප්‍රධාන ඇමතිවරයා පත්කරනු ලබන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනාධිපතිවරයා විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආණ්ඩුකාරවරයා විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අග්‍රාමාත්‍යවරයා විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කථානායකවරයා විසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පරිපාලන ක්‍රියාවක් නිසා පුරවැසියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය හා කඩවීම සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පරිපාලන ක්‍රියාවක් නිසා පුරවැසියකුගේ මූලික අයිතිවාසිකම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔම්බූඩ්ස්මන්වරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීතිපතිවරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනාධිපතිවරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අග්‍රවිනිශ්චයකාරවරයාට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"රටක ජනතාව විසින් පිළිගෙන \"සම්මත කරගත් ක්‍රියා කිරීමේ විධී\" හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"රටක ජනතාව විසින් පිළිගෙන \"සම්මත කරගත් ක්‍රියා කිරීමේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආචාරධර්ම ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිරිත්විරිත් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංස්කෘතිය ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජය ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"බහුසංස්කෘතික සමාජයක පුරවැසියකු සතුවිය යුතු ගුණාංගයක් වන්නේ,","QuestionShortText":"බහුසංස්කෘතික සමාජයක පුරවැසියකු සතුවිය යුතු ගුණාංගයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්‍ය සංස්කෘති වලට ගරු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහජාතියේ සංස්කෘතියට ගරු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්‍ය ආගම් වැළඳ ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන්තර් විවාහ සිදු කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"දේශගුණ වෙනස්වීමේ ප්‍රතිඵලයක් නොවන සිද්ධියක් වන්නේ,","QuestionShortText":"දේශගුණ වෙනස්වීමේ ප්‍රතිඵලයක් නොවන සිද්ධියක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාගර ජල මට්ටම ඉහළ යාම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එල්නිනෝ බලපෑම ඇති වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුනාමි ඇති වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරිසර උෂ්ණත්වය ඉහළ යාම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"ජාතික රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ,","QuestionShortText":"ජාතික රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාර්ලිමේන්තුවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විධායකයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආණ්ඩුවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අධිකරණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"බලය විමධ්‍යගත කිරීමේදී දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ,","QuestionShortText":"බලය විමධ්‍යගත කිරීමේදී දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විවිධත්වය තුළ එක්සත්කමක් ගොඩනගා ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බලතල ඕනෑම අවස්ථාවක ආපසු පවරා ගත හැකි වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සියලුම තීරණ මධ්‍යම ආණ්ඩුව විසින් ගනු ලැබීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට අයත් නොවන කාර්යයක් වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට අයත් නොවන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අතුරු පාරවල් ඉදිකිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහජන වැසිකිළි ඉදිකිරීම හා නඩත්තු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රදේශයේ කුඩා පාසල් ඉදිකිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොදු කියවීම් ශාලා පවත්වා ගෙන යාමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"පුද්ගලයාගේ අභ්‍යන්තර හා බාහිර හේතු පදනම් කරගෙන නිර්මාණය වන ගැටුම් හැඳින්වෙන්නේ,","QuestionShortText":"පුද්ගලයාගේ අභ්‍යන්තර හා බාහිර හේතු පදනම් කරගෙන නිර්මාණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගෝත්‍ර අතර ඇති වන ගැටුම් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේශපාලන මතවාද මත ඇති වන ගැටුම් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුද්ගලයා තුළ නිර්මාණය වන ගැටුම් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජීය සාධක මත ඇති වන ගැටුම් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මගින් ළමයකු වශයෙන් හඳුනාගැනීමට භාවිත කරනු ලබන වයස් සීමාව කුමක් ද?","QuestionShortText":"එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මගින් ළමයකු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වයස අවුරුදු 18 ට පහළ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වයස අවුරුදු 16 ට පහළ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වයස අවුරුදු 15 ට පහළ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වයස අවුරුදු 14 ට පහළ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ධනාත්මක බලපෑමක් වන්නේ,","QuestionShortText":"ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ධනාත්මක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්ථිකය විවිධාංගීකරණය වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බුද්ධිගලනය වේගවත් වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශීය ළදරු කර්මාන්ත විනාශ වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විදේශ ණය හා ආධාර මත යැපීමට සිදු වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"රටක පුරවැසියකු සතු මූලික අයිතිවාසිකම් ඇතුළත් කර ඇති ප්‍රධාන ලියවිල්ල හැඳින්වෙන නම කුමක් ද?","QuestionShortText":"රටක පුරවැසියකු සතු මූලික අයිතිවාසිකම් ඇතුළත් කර ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මානව හිමිකම් ප්‍රඥප්තිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දණ්ඩ නීති සංග්‍රහය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමගාමී ලැයිස්තුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන අසත්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන අසත්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සියලුම මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සියලුම මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් නොවේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේදී නීතිමය සහය ලබාගත හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නොමැති වගන්ති මූලික අයිතිවාසිකම් නොවේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"රටක සමාජ සාධාරණත්වය බිඳවැටීමට බලපාන හේතුවක් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"රටක සමාජ සාධාරණත්වය බිඳවැටීමට බලපාන හේතුවක් දැක්වෙන පිළිතුර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජ්‍ය සේවය දේශපාලනීකරණය නොවීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආර්ථික හා මානව සම්පත් හිඟ වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රාජ්‍ය පාලනය කාර්යක්ෂම වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අල්ලස හා දූෂණය ඉහළ යාම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"පරිවර්තන ආර්ථික වල දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ,","QuestionShortText":"පරිවර්තන ආර්ථික වල දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පෞද්ගලික හා රාජ්‍ය ව්‍යවසාය යන අංශ දෙකම දක්නට ලැබීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදන සාධක වල අයිතිය පෞද්ගලික අංශය සතු වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සහනාධාර හා මිල පාලන ක්‍රම ලිහිල් කිරීමට කටයුතු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආගමට මුල්තැන ලබා දී නොමැති රට කුමක් ද?","QuestionShortText":"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආගමට මුල්තැන ලබා දී නොමැති රට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රී ලංකාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පකිස්ථානය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන්දියාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බංග්ලාදේශය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"සහමන්ත්‍රණය සහ කේවල් කිරීම බහුලව යොදා ගැනෙන අවස්ථා දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"සහමන්ත්‍රණය සහ කේවල් කිරීම බහුලව යොදා ගැනෙන අවස්ථා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාර්මික ආරවුල්, වතු කම්කරු ආරවුල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පෞද්ගලික ආරවුල්, සේවක ආරවුල්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පෞද්ගලික ආරවුල්, රාජ්‍ය ආරවුල්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේපළ ආරවුල්, පවුල් ආරවුල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"රාජ්‍ය වල ප්‍රධාන ස්වරූප දෙක කුමක් ද?","QuestionShortText":"රාජ්‍ය වල ප්‍රධාන ස්වරූප දෙක කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනාධිපති හා පාර්ලිමේන්තු රාජ්‍යය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඒකාධිපති හ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඒකීය හා සන්ධීය රාජ්‍යය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජාතික හා ප්‍රාදේශීය රාජ්‍යය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ස්වාධීනව ආරම්භ වී පසුකාලීනව ජාතීන්ගේ සංගමයට අනුයුක්තව කටයුතු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වාධීනව ආරම්භ වී පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුයුක්තව කටයුතු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එක්සත් ජාතීන්ගේ මහසභාව විසින් ආරම්භ කර කටයුතු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සම්බන්ධ නොවී ස්වාධීනව කටයුතු කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"සමාජ පරිසරය යනුවෙන් අදහස් කෙරෙනුයේ,","QuestionShortText":"සමාජ පරිසරය යනුවෙන් අදහස් කෙරෙනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ඇති වූ සංරචකයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මිනිසා විසින් ගොඩනගන ලද්දකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භෞතික සංරචක වලින් ගොඩනගන ලද්දකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භෞතික සංරචක අතර අන්තර් සම්බන්ධතා වලින් ගොඩනගන ලද්දකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"තම රටේ යුක්තිය පසිඳලීමේ කාර්යය අවසන් වූ පසු ඉන් සෑහීමට පත් නොවන්නේ නම් පැමිණිලි කළ හැකි මානව හිමිකම් කමිටුව පිහිටා ඇත්තේ,","QuestionShortText":"තම රටේ යුක්තිය පසිඳලීමේ කාර්යය අවසන් වූ පසු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය අනුව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය අනුව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හා සම්බන්ධ පළමු වෛකල්පික සම්මුතිය අනුව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට එකතු කළ දෙවන වෛකල්පික සම්මුතිය අනුව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"බ්‍රිතාන්‍ය පාලන සමයේ හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අතුරෙන් ශ්‍රී ලාංකිකයින්ට වැඩි දේශපාලන අවස්ථා හිමිවූයේ කුමන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී ද?","QuestionShortText":"බ්‍රිතාන්‍ය පාලන සමයේ හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෝල්බෲක්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෲව් මැකලම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මැනිං","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඩොනමෝර්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් ඇති කිරීමට බලපාන වැදගත් සාධකයක් වන්නේ,","QuestionShortText":"ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් ඇති කිරීමට බලපාන වැදගත් සාධකයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජ්‍ය නොවන සංවිධාන දිරිපත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාජ්‍ය සේවකයන්ට වැඩි බලතල ලබා දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආණ්ඩු පක්ෂයේ කාර්යය විවේචනය කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිදහස් ජනමාධ්‍යයක් පවත්වා ගෙන යාම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"මැතිවරණයකදී මහජනතාවට හිතකර ආණ්ඩුවක් බලයට පත් කර ගැනීමේදී බලපාන වැදගත් සාධකයක් වන්නේ,","QuestionShortText":"මැතිවරණයකදී මහජනතාවට හිතකර ආණ්ඩුවක් බලයට පත් කර ගැනීමේදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීතියේ ආධිපත්‍ය ආරක්ෂා වී තිබීමය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනතාවට ප්‍රමාණවත් දේශපාලන අවබෝධයක් තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෑම දෙනාටම සමාන අයිතිවාසිකම් හිමි වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"ජාත්‍යන්තර දේශපාලනය තුළ බලවත් රටවල් විසින් දුබල රට වලට බලපෑම කිරීම සඳහා භාවිත කරනු ලබන්නක් වන්නේ,","QuestionShortText":"ජාත්‍යන්තර දේශපාලනය තුළ බලවත් රටවල් විසින් දුබල රට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංස්කෘති සහයෝගයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අධ්‍යාපන සංවර්ධනයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආගමික චාරිත්‍රයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජාත්‍යන්තර වෙළෙඳාමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"රටක පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සහභාගි වීමට නොහැකි වන්නේ පහත සඳහන් කුමන අවස්ථාවේදී ද?","QuestionShortText":"රටක පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සහභාගි වීමට නොහැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඡන්දය ප්‍රකාශ කිරීමෙන් තම නියෝජිතයා තෝරා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඡන්ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි දේ නොමිලයේ ලබා දීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය විවේචනයට ලක් කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":37,"QuestionFullText":"එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජික රටවල් පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජික රටවල් පමණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජපානය, චීනය, ඉන්දියාව, ප්‍රංශය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චීනය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"ගැටුම් අවම කර ගැනීම සඳහා පුරවැසියකු තුළ වර්ධනය කරගත යුතු සමාජ ගුණාංගය වන්නේ,","QuestionShortText":"ගැටුම් අවම කර ගැනීම සඳහා පුරවැසියකු තුළ වර්ධනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජීවිත හානි වැළැක්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානසික ආතතිය අවම කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්මත ගරු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිර්මාණාත්මක චින්තනය වර්ධනයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"පහත 'අ' තීරුවේ සඳහන් අධිකරණ ආයතන සමග 'ආ' තීරුවේ ඇති නඩු කටයුතු නිවැරදිව ගළපන ලද පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත 'අ' තීරුවේ සඳහන් අධිකරණ ආයතන සමග 'ආ'","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53160246638_731c585ccf_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, G, B, E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, D, F, G","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D, G, E, A","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"G, E, F, D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් වන්නේ වායු දූෂණය සිදුවන ක්‍රම කිහිපයකි.

A - ගිනිකඳු පිපිරීම
B - ප්‍රවාහන කටයුතු
C - දුවිලි කුණාටු
D - ලැව් ගිනි
E - ගුවන් යානා භාවිතය

ඉහත සඳහන් ක්‍රම අතුරෙන් ස්වභාවික ක්‍රම පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් වන්නේ වායු දූෂණය සිදුවන ක්‍රම කිහිපයකි.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C, D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C, E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C, D, E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}